Saturday, August 15, 2015

මීගමුව දිස්ත්‍රික්කය හා ඩී.එස් සේනානායක මහතා

මීගමුව දිස්ත්‍රික්කය හා ඩී.එස් සේනානායක මහතා

මීගමුව දිස්ත්‍රික්කයක් කිරීමට ඉඩ නොදි එය ගම්පහ දිස්ත්‍රික්කයට ඇද ගත් හැටි පසුගිය ලිපියකින් ඔයගොල්ලන්ට දැන ගන්නට සැලැස්සුවා.අද කියන්න යන්නේ අමුතුම කථාවක් හිතා ගන්නවත් බැරි දෙයක්..

1921 සිට 1924 දක්‌වා පැවති ව්‍යවස්‌ථාදායක මන්ත්‍රණ සභාව ඡන්දයෙන් මන්ත්‍රීවරු 23 හා ආණ්‌ඩුකාරයා පත්කළ මන්ත්‍රී 14 දෙනකුගෙන් සමන්විත වූ බහුතර බලයක්‌ ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීන්ට හිමිව ඇති බවට බැලූ බැල්මට පෙනුනත් එය ක්‍රියාත්මකවීමේදී මෙම ආණ්‌ඩුක්‍රමය තුළ මෙරට සිංහල ජනතාවට ව්‍යවස්‌ථාදායකමය බලයක්‌ තිබුණෙ නැ. මේ නිසා ආරම්භයේදීම දේශීය උගත් මධ්‍යම පන්තියේ උද්ඝෝෂණ හේතුවෙන් 1923 දෙසැම්බර් 19 වැනිදා නිකුත් කළ රාජාඥවකින් ව්‍යවස්‌ථාදායක මන්ත්‍රණ සභා පනත සංශෝධනය කර 1924 අගෝස්‌තු 29 වැනිදා ව්‍යවස්‌ථාදායක සභාව විසුරුවා හැරියා.

නව ව්‍යවස්‌ථාදායක සභාව නිල නොලත් (ඡන්දයෙන් තෝරන) මන්ත්‍රීන් 37 දෙනකුගෙන් හා ආණ්‌ඩුකාරයා පත්කරන මන්ත්‍රීන් 12 දෙනකුගෙන් සමන්විත විය යුතු බවට රාජාඥවක්‌ පනවන ලදී. ඒ අනුව ලංකාව මැතිවරණ කොට්‌ඨාස 28 ට බෙදූ අතර ඉන්දියානු මන්ත්‍රී හා මුහම්මදිය (මුස්ලිම්) ආසන වෙනුවෙන් මන්ත්‍රී ආසන 05 ක්‌ද ඇති කරන ලදී. ප්‍රථම වරට බහු ආසන ක්‍රමය ඇති වූයේද මේ මැතිවරණයේ දීය. බර්ගර් ආසනය සඳහා මන්ත්‍රීන් දෙදෙනෙක්‌ද, ඉන්දියානු ආසනය සඳහා මන්ත්‍රීන් දෙදෙනෙක්‌ද, මුහම්මදීය ආසනය සඳහා මන්ත්‍රීන් 03 න් දෙනෙක්‌ද වශයෙන් තෝරාගත යුතු විය. 

ලංකාව බෙදන ලද ඡන්ද කොට්‌ඨාස 28 මෙසේය.
1. යුරෝපීය (නාගරික)                        2. යුරෝපීය (ගම්බද)                 3. වෙළෙඳ කොට්‌ඨාස
4. බර්ගර් (මන්ත්‍රීධුර 02)                      5. කොළඹ නගරය (උතුර)         6. කොළඹ නගරය (දකුණ)
7. කොළඹ දිස්‌ත්‍රික්‌කය                         8. මීගමුව දිස්‌ත්‍රික්‌කය                9. කළුතර ආදායම් දිස්‌ත්‍රික්‌කය
10. බස්‌නාහිර පළාත (ලංකා දෙමළ)    11. මධ්‍යම පළාත (නාගරික)     12. මධ්‍යම පළාත (ගම්බද)
13. උතුරු පළාත (උතුර)                     14. උතුරු පළාත (දකුණ)          15. උතුරු පළාත (නැගෙනහිර)
16. උතුරු පළාත (බටහිර)                   17. උතුරු පළාත (මධ්‍යම)         18. දකුණු පළාත (නැගෙනහිර)
19. දකුණු පළාත (මධ්‍යම)                   20. දකුණු පළාත (බස්‌නාහිර)     21. ත්‍රිකුණාමල ආදායම් දිස්‌ත්‍රික්‌ක      
22. මඩකලපුව ආදායම් දිස්‌ත්‍රික්‌ක         23. වයඹ පළාත (බටහිර)          24. වයඹ පළාත (නැගෙනහිර)           
25. උතුරු මැද පළාත                          26. කෑගල්ල ආදායම් දිස්‌ත්‍රික්‌ක  27. රත්නපුර ආදායම් දිස්‌ත්‍රික්‌ක          
28. ඌව පළාත

මීට අමතරව ආණ්‌ඩුකාරයා විසින් තවත්a මන්ත්‍රීධුර 05 ඇති කළේය. 
 ඉහත සඳහන් ආකාරයට ඡන්ද කොට්‌ඨාස බෙදීම කිසියම් පොදු පිළිවෙතකට අනුව සිදුවී නැත. ඇතැම් පළාත් වෙනුවෙන් එක්‌ මන්ත්‍රීවරයකු තෝරා ගනිද්දී තවත් පළාතක්‌ වෙනුවෙන් මන්ත්‍රීවරු 03 හෝ ඊටත් වැඩියෙන් තෝරා ගන්නා ලදී. තවත් තැනක ආදායම් පාලක කොට්‌ඨාසයට මන්ත්‍රීවරයකු තෝරා ගැනිණි.

1924 මැතිවරණය පවත්වන විට ලංකාවේ සියලු ඡන්ද කොට්‌ඨාස සඳහා ලියාපදිංචි ඡන්ද දායක සංඛ්‍යාව වූයේ 204957 පමණි. එය එදා මුළු ජනගහනය වූ පනස්‌ ලක්‍ෂයෙන් 4% පමණි. 1924 ඔක්‌තෝබර් 15 වැනිදා පිහිටුවන ලද මෙම ආණ්‌ඩු ක්‍රමය තුළ නිල නොලත් මන්ත්‍රීන් සංඛ්‍යාව බහුතරයක්‌ වුවද ඔවුනට බලතල අහිමි වීමත් ආණ්‌ඩුකාරයාට අසීමිත බලයක්‌a හිමි වීමත් නිසා ආණ්‌ඩුක්‍රම සංශෝධන සඳහා උද්ඝෝෂණ නිතැතින්ම ඇති විය. 
 
එ අනුව වර්ෂ 1924 සැප්තැම්බර් 27 දින මීගමුව දිස්ත්‍රික්කය  වෙනුවෙන් නිතරගයෙන් පත් වුයේ මෙරට ප්‍රථම අගමැති වු ජ‍ාතියේ පියා වශයෙන් හදුන්වනු ලබන නිදහසේ නියමුවා මහාමාන්‍ය ඩී.එස්‌. සේනානායක මහතායි.

මැතිවරණ පුරාණය ග්‍රන්ථය ඇසුරින්

මේ වගේ පැරණි ඉතිහාසයක් තිබෙන මීගමුව නගරය අවසන් පරිපාලන දිස්ත්‍රික් බෙදිම් අනුව දිස්ත්‍රික්කයක් වශයෙන් නම් කරන්නට ඉඩ නොදුනේනෙ කවුද? 
 


No comments:

Post a Comment