Saturday, July 18, 2015

මීගමුව මුන්නක්කරය


සිංහල දෙමළ එකට කථා කරන අය ඉන්නා මීගමුව  මුන්නක්කරය

සිංහල වචන මාලාවට ඉංග්‍රීසි වචන මීශ්‍ර කර කතා කිරීමේ කලාව ප්‍රචලිත වුයේ වර්තමානයේ ඇතැම් විද්‍යුත් මාධ්‍යවල නිවේදන කටයුතු නිසාය.එත්  සමහර සිංහලයන් ඉංග්‍රීසි වචන මිශ්‍ර කර සිංහල කථා කරන අකාරයටම එදා සිංහලයෝ දෙමළ වචන මීශ්‍ර කර කථා කිරීමෙන් තම උසස් තත්ත්වය පෙන්නුම් කලා.උම්මග්ග ජාතකය වැනි කෘති වල දෙමළ ඌරුවට ලියැවුණු වචනද අපට හමුවෙනවා.මෙම තත්ත්වය කෙමෙන කෙමෙන් අභාවට ගොස් ඉංග්‍රීසි ඉස්මතු වුවත් දෙමළ කතා කරන සිංහලයන් ජිවත්වන ගම් තවම තියෙනවා.මීගමුව නගරයට නුදුරින් පිහිටි මුනනක්කරය එවැනි ගමකි.

මුන්නක්කරය සිතියම
මීගමුව කලපුවෙන් වට වු දුපතක් ලෙස කොතලාවල පාලම හා මීගමුව නගරය වෙන්වෙන්නෙ මෙතැනනි.ධීවර කර්මාන්තය මුල කොට ගත් එදා මුන්නක්කරය ගම්වාසීන්ගේ දොරින් දොර ඇසුනෙ දෙමිළ බසින් වු කතාබහය.එදා තරුණයන්ගේ මුවග රැදුනේ ජනප්‍රීය දෙමළ ගීතය.ආච්චිලි සීයලා තම මුණපුරු මිණිපිරියන්ගේ ළමා ලොකය රසවත් කිරීමට තෝරා ගත්තේ දෙමළ කතාන්දරය.මීට දශක 4 කට 5 කට ඉහතදි දරුදැරියන් ,,, වෙනුවට ඉගෙන ගත්තේ ආනා,ආවන්නා සහිත දෙමළ හොඩි පොත්ය.සිප් සතර හැදෑරුවේ මුන්නක්කරයේ පිහිටි එකම පාසල වු සාන්ත නිකුලා දමිළ පාසලටය.ඒ කාලයේ මුන්නක්කරය ගෙවල් වැට මයිමේ දෙපසට වී මුළු පළාතම දෙවනත් වෙන්න ඇතැම් ගැහැනුන් දෙමළ නොසරුප් වදනින් බැණගැනීම සුලභ දසුනක් විය.එහෙත් ඔවුන් මුන්නක්කරය කතොලික පල්ලියේ දමිළ බසින් පැවැත්වු දේව මෙහෙයට සහභාගි වුයේ සිතේ තිබු තරහ මරහ අමතක කර දමාය.එහෙත් මෙහි ඇති අපුර්වත්වය වන්නේ මුන්නක්කරය සිංහල ගමක් විමය.

ලංකා ඉතිහාසයේ සදහන් වෙනවා වංකනාසික රජුගේ කාලයේදි ද්‍රවිඩ අක්‍රමණිකයින් සිංහලයන් 12,000 දකුණු ඉන්දියාවට ගෙන ගිය බව.පසුව ගජබා රජු ඒ අයව ආපසු ලංකාවට රැගෙන ආවා.එ විදියට රැගෙන ආ පිරිස මීගමුවේ ස්ථාන තුනක පදිංචි කරවු බව අතීත තොරතුරු වල කියවෙනවා.

එ අය සුරිය වංශයෙන් පැවැත එන බවයි සදහන් වන්නේ.මීගමුව මුන්නක්කරයේ පදිංචි කරවු අය කුරුකුලසූරිය වුනා.වැල්ල වීදියේ පදිංචි කරවූ අය වර්ණකුලසූරිය වුණා.දූව ප්‍රදේශයේ අය මිහිදුකුලසුරිය වුණා.ඇත්තටම මේ අය අපේ රටෙන් ගිය සිංහල අය.ඒත් දකුණු ඉංදියාවේ දෙමළ ආභාෂය නිසා දෙමළ භාෂාව කතා කරන්න පුරුදු වෙලා තිබුණා.එ අයගෙන් පැවැත එන පරම්පරාවෙන් දිගටම දෙමළ කතා කරන පිරිස ඉතිරි වුණේ මුන්නක්කරයේ විතරයි.දෙමළ ආභාෂය ලැබු මුනනක්කරයේ පදිංචි කුරුකුලසූරිය පරම්පරාවේන් පැවතෙන සිංහලයෝ සිංහලකම අමතක කර දැමු නිසාම ඔවුහු දෙමළ භාෂාවෙන් කතාබහ කරන සිංහල පිරිසක් බවට පත්වුණා.

පෘතුගීසී,ලංදේසි සහ ඉංග්‍රීසින්ගේ යටත් විජිත සමයේ ප්‍රනාන්දු වැනි වසගම් ඔවුන්ගේ නමේ කෙළවරට එකතු වුවද ඔවුන කතොලිකයන් වුවද සිංහලයන් බවට තහවුරු එකම සාක්ෂිය වූයේ පෙළපත් නාමය වු කුරුකුලසුරියයි.දමිළ බසින් දේව මෙහෙය පවත්වන කතෝලික පල්ලියක් සහ කතෝලික සභාවෙන් පාලනය වු දෙමළ පාසලක්ද මුන්නක්කරයට උරුම වූයේ කුරුකුලසුරියලාගේ ජිවිතය හා බද්ධ වුන දෙමළ භාෂාව නිසාය.මුනනක්කරය පල්ලියේ පුජාව දෙමළ භාෂාවෙන් පැවැත්වීම අදටත් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා.මෑතකදී පල්ලියට පත් වෙලා අපු පුජකතුමාට දෙමළ භාෂාව නොදන්න කෙනෙක්.එ පියතුමාට පුළුවන් ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් විතරයි පුජාව පවත්වන්න පුළුවන්.එත් මුනනක්කරය ගම් වාසින්ට දෙමළ භාෂාවේන් පුජාව අනිවාර්යයෙන් ඕනෑ කියලා පිරිසක් රදගුරුතුමාව හමුවෙන්න ගියා.දැන් වෙනත් මීසමක් පියතුමන් කෙනෙක් සතියකට වරක් ඇවිත් දෙමළ පුජාව පවත්වනවා.

කලපුව අයිනෙ දිගෙ ගොස් මංකුලිය සිංහල පාසැලට යෑවිමට එදා දෙමව්පියො බියක් දැක්වුවා.මෙ නිසා මුනන්කරය ගමේ පිහිටි දෙමළ පාසැලට තමයි ළමයි ඉගෙන ගැනිමට ඇතුලත් කරලා තියෙන්නේ.ගැණු ලමයි මුන්නක්කරය දෙමළ පාසැලටත් පිරිමි ළමුන් සෙන්ට් මේරිස් කොලිජියටත් ඇතුළු කලා.

මුන්නක්කරය ගම් වාසීන් අයත් වන්නේ කරාව කුලයට.මංකුලිය ගම්වාසීන් අයත් වන්නේ දුරාව කුලයට.දුරාවේ කුලයට අයත් ගමේ පාසලට සිය දරුවන්ව යැවීමට ඇති අකමැත්ත නිසාම කරාව කුලයට අවත් ගම්වැසියන් දරුවන්ව මන්කුලියේ සිංහල පාසලට ඇතුළත් කළේ නෑ.ඒ අනුව කුලභේදය නොතැකු පවුල්වල දරුවන්ව මන්කුලියේ සිංහල පාසලට යවද්දී ජාතිභේදය නොතැකූ පවුල්වල දරුවෝ මුනනක්කරය දමිළ පාසලෙන අධ්‍යාපනය ලැබුවා.දමිළ පාසලේ සිංහල අංශය අරම්භ කිරීමෙන් පසු දමිළ අංශය ඉබේ වැසි ගියා.ඉන් පසු එය සාන්ත නිකුලා සිංහල මිශ්‍ර විදුහල නමින් වර්තමානයේ එය ලමුන් 1000 පමණ ඉගෙන ගන්නා පාසලක් වුනා.

ලයනල් සරත් මහතාගේ පැරණ ලක්දිව සිංහල දෙමළ සබදතායන කෘතියේ ක්‍රි.ව. 5 වැනි 6 වැනි සියවස් තුළ පටන් උතුරු ප්‍රදේශයෙන් බැහැරව පදිංචි වු දෙමළ ජනතාව සිංහල බහුතරය් බලපෑමෙන් සිංහල ජාතික චින්තනය තුළ ගිලී ගොස් සිංහලයන් වු ආකාරයත් උතුරු ආක්‍රමණ හේතුවෙන් උතුරු ප්‍රදේශ වලට පළා ගිය සිංහලයන් දෙමළ ජනතාවගේ චින්තනය තුළ ගිලී ගොස් දෙමණ ජාතිකයන් වු ආකාරයත් සදහන් වී තබේ.මේ ආකාරයට මුනනක්කරයේ විසු ප්‍රජාව සිංහලයන වු බව අපට සිතිය හැකිය.

17 comments:

  1. මුන්නක්කරය තියෙන තැන සිතියමකුත් දැම්ම නම් තමා මරු.

    ReplyDelete
    Replies
    1. ඔන්න හරි ඔයාගේ ඉල්ලීම ඉටු කලා

      Delete
  2. http://dreamsofharee.blogspot.com/2015/08/blog-post.html

    ReplyDelete
  3. හරී පෙන්නුව පාර දිගේ තමයි මෙතනට ආවේ. කියවන්නට යමක් ඔබේ අඩවියේ තිබෙන බව පෙනෙනවා. හොඳ පර්යේෂණාත්මක ලිපියක් ලෙස අගය කරනවා.

    මම පුත්තලම හමුදා කඳවුරේ සේවය කරද්දී, කල්පිටිය ප්‍රදේශයේ සහ හලාවතට උතුරින් පිහිටි වෙරළබඩ තීරයේ සහ විශේෂයෙන් උඩප්පුව ප්‍රදේශයේ මෙවැනි මිශ්‍ර සංස්කෘතික ලක්ෂණ පෙන්වන කුඩා ගම්මාන හා තිබෙනවා.

    මේ ඉතිහාසය මේ රටේ ජාතිවාදී උන්මාදයෙන් පෙලෙන අයට කියාදෙන්න හැකිනම් ඔවුන්ගේ මොළය ආපහු මස්තිෂ්ක කුහරය තුළට එනවා.

    ReplyDelete
  4. හරී අයියගෙ පාර දිගේ ආවෙ.බොහොම අපූරුයි යාලුවා..ඔය හලාවත පැත්තෙ මං දැකල තියනවා සිංහල නම් තියන දෙමළ කතා කරන් ධීවර ජනතාව . දන්න කේක්ගෙන් ඇහුවම කිව්වා ඒ අයට කියන්නෙ "පරවර" කියලා .. ඒ ගැනත් සඳහනක් කරපං මචං.. අපි ෂපෝට් එක දියගටම ලියන්න..සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. යාළු පත්තර මල්ලි
      “පරවර“ ජාතිය ගැන ලියන්න බයයි.මොකද එයලාගේ අතීතය එච්චර හොද එකක් නෙමෙයි.එයාලොගේ මුතුන් මිත්තො අතින් කතොලික අයට වෙච්ච දෙයක් නිසා එයාලාට “පල හොරු“ කියලා තමයි නම් පට බැදුණා පස්සේ කාලේක “පරවර“ කියලා එයාලා වෙනස් කර ගත්තා .ඉස්සර එයාලාව කතොලික පල්ලි වලටත් ගන්නේ නෑ.ඉතිං එයාල කුඩා පල්ලි තනව ගෙන (හුගක්ම ශු.සේබස්තියන් මුනිතුමාගේ) අවුරුද්දකට සැරයක් එයාලා දානයක් දෙනවා.දැං හුගක් කතොලික අයයි පරවර අයයි මිශ්‍ර වෙලා තියෙන නිසා ගොඩක් අය කතොලික පල්ලි වලට යනවා.

      Delete
    2. අපේ තාත්තත් මේ අය 'පරවර දෙමළ' අය කියලා හඳුන්වනවා මතකයි. එයා නම් ඒකට හේතුව විදිහට කිව්වෙ තමුන්ගෙ ජාතියේ භාෂාව භාවිතා නොකොට වෙනත් භාෂාවක් භාවිතා කරන හින්දා එහෙම කියන බව.

      Delete
    3. නෑ හරි.. මම Email එකක් එවන්නම් එකේ කෙටි විස්තරයක් ඇති.

      Delete
  5. ගජබා වෘත්තාන්තය අනුව මෙහෙන් ගෙන ගිය අයට අමතරව එහෙන් වැඩිපුරත් ගෙනාවයි කියල කියනව නේද?
    ඒ කතාව කොහොමවුනත් දැන් සිංහල නමින් හඳුන්වාගන්න අපි එක් සංක්‍රමණික රැල්ලක් වශයෙන් ආ අය නෙමෙයිනෙ. විජයාගමනයට කලින් සිටි අය සහ විජය සමග හා ආසන්න කාලවල ආ අයට අමතරව ඉන් පසු විවිධ කාලයන්හි ඉන්දියාවෙන් ආවා. වෙන එකක් තියා ලන්දේසි ඉන්ග්‍රීසි කාලවල ඉන්දියාවෙන් ආ සමහරක් අය දැන් සිංහල වෙලා ඉන්නව. විශේෂයින් බටහිර වෙරලබඩ.ඒ අයගේ ලංකාවේ පරම්පරාව සමහර බර්ගර් අයගේ ලංකාවෙ පරම්පරාවට වඩා අඩුයි !!!

    ඇත්තෙන්ම විචාරක ඉහලින් කියල තියන විදිහට ඉතිහාසය හරියට ඉගන ගන්නවනම් ජාතිවාදී අදහස් අඩුවෙනව.
    හැබයි හරියට ඉගනගන්න ඕනෙ, තමන්ගේ මතයන් සාධාරනීකරණය කරන්න ඉතිහාසයේ තමන්ට ඕනෙ කෑලි විතරක් පෙන්නන අයවගේ නොවී

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට මාව දිරිමත් කලාට

      Delete
  6. //එ අය සුරිය වංශයෙන් පැවැත එන බවයි සදහන් වන්නේ.මීගමුව මුන්නක්කරයේ පදිංචි කරවු අය කුරුකුලසූරිය වුනා.වැල්ල වීදියේ පදිංචි කරවූ අය වර්ණකුලසූරිය වුණා.දූව ප්‍රදේශයේ අය මිහිදුකුලසුරිය වුණා.// එතකොට සකලසුරිය ලා උනේ ඔය හැමතැනම උන් අයද? හැක්.
    ජෝක් නෙවෙයි පට්ට ඉන්ටරස්ටින් සුරන්ග. හරී තමයි පාර කියුවේ.

    ReplyDelete
    Replies
    1. කියන්න වදන් නොමැත

      Delete
  7. නොදත් බෙහෝ දේ රසවත්ව දැනගන්නට ලැබුණා , දිගටම ලියන්න මෙවන් සරු දේ .
    ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිත්‍රයා.

      Delete