Monday, June 29, 2015

මීගමුව එදා 02



මීගමුව එදා 02
මීගමුව ඈත අතීතයේ සිටම ආගමික මධ්‍යස්ථානයක්, ප්‍රධාන සිද්ධස්ථානයක්ව තිබූ බව එහි යටගියාවෙන් පෙනෙයි.එම ස්ථානය කොහිද කියන්න තවම කවුරුත් දන්නේ නෑ. එම යටගියාව දැනට දක්නට ලැඛෙන තොරතුරු අනුව රාවණා යුගය දක්වා දිවයයි. රාවණා යුගයේදී මීගමුව යැයි නමක් නෑ. අද මීගමුව එම යුගයේදී හඳුන්වනු ලද්දේ නීගුම්බිල යන නමිනි. දෙමළ භාෂාවෙන් නීර්කොළොම්බු ලෙස ඒ නම අදද භාවිතා කරනවා.මම හිතන හැටියට ඉංග්‍රිසියෙන් Negombo  කියලා හැදෙන්න ඇත්තේ ඔය නිසා.
 නිගුම්බිල යන්න ජලාශය (පැරණි වර්ථා වලට අනුව මෙම ස්ථානය කොටුව පිට්ටනිය එකාලේ ජලාශයක් කියලා කිවනවා.මොකද වැහි කාලයට මුලු කොටුව පිට්ටනිය වතුරේන් යට වෙනවා) යන අරුත දෙය. රාවණා යුගයේ බලබිලි පුදන මිනිස් ජිවිත බිලි දී පුද පූජා කළ එකම සිද්ධස්ථානය මෙම නිගුම්බිලයේ වූ බවටත් එය කමලා නම් දෙව්දුවට කැපකළ දේවාලයක් වූ බවටත් ජනශ්‍රැතියේ සඳහන්. එම බිලි දෙන පූජා වස්තුව ශූද්ධ වූ ජලයෙන් සොදා පවිත්‍ර කොට පිදීම සිරිත වූ අතර එසේ පවිත්‍ර කිරීම සඳහා භාවිතා කළ ශූද්ධ වූ ජලාශය කාමච්ඕඩය නම් විය. කාමච්චි නම් කමලා දෙව්දුවයි. ඕඩය නම් ජල තටාකයයි. එහෙයින් එය කාමච්ඕඩය හෙවත් ශූද්ධ වූ ජලාශය නම් විය. එම ජලාශය වර්තමානයේ දක්නට නොවූ වද එයට සම්බන්ධ වූ මුළු පෙදෙසම කාමච්චෝඩය නමින් වර්තමානයේ මිගමුව ඉරිදා පොළ පවත්වන ස්ථානයයි.
 
රාවණා රජු රාක්ෂස ගෝත්‍රිකයෙක් වූ බැවින් ඔහුට අයත් රාජධානියේ ප්‍රධාන බිලිපූජා මධ්‍යස්ථානය වූ නිගුම්බිලය ගැන රජු ඛෙහෙවින් සැළකිලිමත් වූ හෙයින් අතීතයේ නිගුම්බිලය ප්‍රධාන රාක්ෂස මධ්‍යස්ථානයක්ව පැවත අත. රාවණා ඉන්දියාවෙන් සීතා කුමරිය පැහැරගෙන සඟවා තබන ලදි. ඒ පිළිබදව සෙවීමට පැමිණි රාමා හා ඔහුගේ සොයුරු ලක්ෂ්මණ අල්ලාගෙන රාවණාගේ ඉන්ද්‍රජිත් නම් සෙනෙවියා විසින් නිගුම්බිලයේ බිලිපූජා සදහා සුදුසු කෙම්මුර දිනයක් එනතෙක් බැඳතබන ලදි. කෙම්මුර දිනයේ ඔවුන් බිලිදීමට ශද්ධ වූ ජලාශයෙන් සේදීමට යන අතර හනුමා ගෙම්ඛෙකු වී පැමිණ එම ජලාශයට පැන ශද්ධවූ ජලය අශූද්ධ කළහෙයින් රාමා හා ලක්ෂ්මණ නිදහස් වූ බවද ජනශ්‍රැතියේ සදහන්ය. රාවණාගේ අභාවයෙන් හා රාම සීතා එක්වීමෙන් පසු නිගුම්බිලය ක්‍රමයෙන් ජනප්‍රියත්වයෙන් ගිලිහී ඇත.එ කියන්නේ මීගමුවත් රාවණා රජු පය ගහපු තැනක්.

Sunday, June 28, 2015

මිගමුව එදා 01



මිගමුව එදා
මීගමුව මගේ ගම.මං ඉපදුන හැදිවැඩුන ගම.ශ්‍රී ලංකාවේ විශාලත්වයේන පස්වෙන නගරය යන්නේ මීගමුව නගරයයි.ඉංග‍්‍රීසියන් නිගම්බු (Negombo) ලෙස හදුන්වන මීගමුව ව්‍යවහරයේ පහසුව සදහා එසේ හැදින්වුවද එහි සැබෑ නාමය මීගොමුව බව ජන ජනවහරේ පවතිනවා.රුහුණෙ රජ කල කාවන්තිස්ස රජතුමාගේ බිසව වු විහාරමහාදේවියට හට ගත් දොළදුකක් සංසිදවනු පිණිස මී වද සොය පැමිණි ගමනෙදි මෙම ප්‍රදේශයේ මී වද ගොමුවක් තිබු නිසා මීගොමුව ලෙස එකි ප්‍රදේශය හැදින්වු බව කියවෙනවා.(කථාවේන් පොඩ්ඩක් පිට පනිනවා හොදේ.මීගොමුවෙන් ගත් මී වද ඉන් ඔබ්බට වන්නට හලා දැමු බවත් එම ගම හලාවද ලෙස පසුව හලාවත ලෙසත් , නැවත රුහුණට යන මාර්ගයෙන් මී ඉහිරිලා තියෙනවා එක නිසා මීඉහිරුණු ගම මීරීගම ලෙසත් සදහන් වෙනවා.ඔවුන් රජ මාලිගයට නැවත යන මාර්ගයේ කථා ගොඩක් තියේනවා එක නිසා එවා පසුවට පොස්ට් කරන්නම්)

බස්නාහිර පළාතේ බටහිර වෙරළ තීරයේ මීගමුව කළපුවට මුහුණලා පිහිටි මීගමුව නගරය ප්‍රසිද්ධත්වයට පත්වී තිබෙන්නේ මහ පරිමාණයන් පවතින ධීවර කර්මාන්තය හා සංචාරක කර්මාන්තය නිසාය.මෙහි ධීවර කර්මාන්තය ගැන කථා කිරීමේදි යම් විශෙෂයක් දැකිය හැකිය.එනම් මීගමුවේ කළපු හා මුහුදු යන ධීවර අංශ දෙකම දක්නට තියනවා.මී ගොමුව සොයා ගන්නේද අතහැර දමන ලද සම්ප්‍රදායික ඔරුවක තිබිලා.එයින් පැහැදිලි වෙනවා රජ සමයේද ධීවර කර්මාන්තය මෙහි තිබු බවට.

විදේශ වෙළදාම ගැන කියනවා නම් එ කාලේ 7 වැනි 8 වැන ශත වර්ෂ  වල මීගමුව ප්‍රදේශයේ ව්‍යාප්ත වෙලා තියෙනනේ කුරුදු වගාවයි.ක්‍රි.ව.1505 දී පෘතුගීසීන් ලංකාවට පැමිණිමත් සමගම කුරුදු වගාවේ සියලු බලතල පෘතුගීසී විසින් පවරා ගන්නවා.තවද පෘතුගීසී මීගමුවේ බලකොටුවක්ද පිහිටවනවා.මෙම පැමිණිම මල් ඵල ගැනීමක් වශයේන් මීගමුවේ විසු ධීවර ජනතාව කතෝලික ධර්මය වැළදගත්තේ කිසිදු විරෝධතාවකින් තොරවයි.එහි සාර්ථකත්වය කෙසේද එයත් මීගමුව නගරයේ ජනගහනයෙන් 2/3 ප්‍රමාණයක් කතෝලික බැතිමතුන් වන අතර මීගමුව ‘පුංචි රෝමය‘ යන අන්වර්ථ නාමයෙන් හදුන්වනවා.

සියවසකට අධික කාලයක් කුරුදු අධිපත්‍ය පවත්වාගෙන ගිය පෘතුගීසී මහනුවර රාජධානියේ විසූ රජු විසින් ලන්දේසීන්ගේ උපකාර ඇතිව  ක්‍රී.ව.1646 දී ලන්දේසීන් හා යුධ ගැටුමක් ඇති වි පෘතුගීසී බලය බිදවැටෙනවා.

ක්‍රී.ව. 1672 දී ගොඩනැගු ලන්දේසි බලකොටුව සහ කොළඔ සිට පුත්තලම දක්වා මීගමුව හරහා දිවෙන හැමිල්ටන් ඇළ  මාර්ගය මීගමුව ජනතාවට උරුම වුවක්.අද මීගමුව බන්ධනාගාරය තියෙන්නේ එදා ලන්දේසී බලකොටුව තිබුන තැන.මීගමුව උසාවිය අසන්නයේ කන්ද උඩ පල්ලියද ඕලන්ද පල්ලියකි.ක්‍රි.ව.1785-1791 අතර කාලයේ චීනය කුරුදු වගාවට සම්බන්ධවිමත් උඩරට රාජධානියේ තිබුනු සටන් නිසාත් කුරුදු වගාව අභාවයට ගියා.

ශ්‍රී ලංකාව සම්පුර්ණයේන බ්‍රිතාන්‍යට යටත් විමත් සමගම මීගමුව සතු යුද්ධමය වැදගත්කම නැතිවි ගියා.ඉන් පස්සේ කොළඔ ප්‍රදේශයේ මුරපොලක් වශයෙන් මීගමුව නගරව පැවතුණ අතර එය වාණිජමය වශයෙන් සංවර්ධනය වුනා.හැමිල්ටන් ඇළ මාර්ගය හා කරත්ත හරහා සිදු වු භාණ්ඩ ප්‍රවාහනය සිදු වු අතර 1907 දි මීගමුවට දුම්රිය මාර්ගය පැමිණුනා.

ඈත අතීතයේ භාණ්ඩ ප්‍රවාහනට යොදා ගත්තේ බක්කි කරත්තයි.මමත් පොඩි කාලේ අම්මත් එක්ක කාමච්චොඩේ පොලේ යනවා සරුවත් එකක් බිලා බක්කි කරත්තේ එන්න.මීගමුවට ඇදි එන කරත්ත කරුවන්ට ගිමන්හල්ද තිබුණා.මීගමුවේ කටුවපිටිය සියඹලා ගහ යට මීගමුව ප්‍රදේශයේ තිබුණු ගිමන් හලකි.ගමනේ යෙදෙන අය සදහා තේපැන් බුලත් විට හා කරත්ත වල බැදි ගොනුන් ලිහා වතුර හා පුන්නක්කු ලබා දිමද මෙහිදි සිදු විය.සියඔලා ගහා අසල තිබේන කඩය අසල තියන උස්පිලගේ නිවස ගැනද විශේෂයන් සදහන් කරන්න ඔනා මොකද ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉංග්‍රීසින් විසින් අල්ලගෙන කූරුණෑගල හරහා කොළඔ රැගෙන ඒමේදි පිපාසයට වතුර ලබා දි තිබේන්නේ උස්පිලගේ නිවැසියන් විසිනි.
රජකාලයේ ඛෙදීම් අනුව මීගමුව මායා රටටද, පෘතුග්‍රීසි හා ලන්දේසි පාලන සමයේදී සත් කෝරළයටද, බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වීමෙන් පසු උඩරට හා පහතරට වශයෙන් වෙන් කළ ඛෙදීම් අනුව පහතරටටද අයත් විය. පැරණි ඛෙදීම් අනුව ගම්පහ දිසාව 1.අලූත් කුරු කෝරළය,2.දකුණු හාපිටිගම් කෝරළය, 
3.උතුරු හාපිටිගම් කෝරළය ,4.සියනෑ කෝරළය (විවාහ සහතිකේ අදටත් සදහන් වෙනවා) ලෙස කෝරළ සතර කින් සමන්විත වූ අතර මෙයින් මීගමුව අයත්වන්නේ අලූත්කුරු කෝරළයට වේ. අලූත්කුරු කෝරළයද දාසිය පත්තුව,රාගම් පත්තුව,දූනගහ පත්තුව ලෙස කොටස් තුනකට ඛෙදී තිබූ බව පැරණි පරිපාලන වාර්තාවන්හි සඳහන් වී ඇත.

කෙසේ වුවද ඉංග්‍රීසි පාලන කාලයේදි කොළඹ හැරුණු විට බස්නාහිර පළාතේ තිබු ඊලගට දියුණුම සහ විශාලතම නගරය වුයේ මීගමුව ය. එය කලක් මීගමුව දිස්ත්‍රික්කය ලෙසද(1976 පෙර උපන් අයගේ උප්පැන්න සහතික වල මීගමුව දිස්ත්‍රික්කය කියලා සදහන් වෙනවා), ඊට පස්සේ  1979 වර්ෂයේදී මීගමුව බලප්‍රදේශය සම්පූර්ණයෙන්ම මහ කොළඹ ආර්ථීක කොමිසම යටතට පත්කෙරුනා. උතුරින් මහඔය දිගේ බටපත්ඇල දක්වාත්,නැගෙනහිරින් - බටපත්ඇල, ෆාතිමා පාර, හලාවත -කොළඹ පාර,වැලිහේන පාර,මිගමුව - ගිරිඋල්ලපාර, මහහුණුපිටිය,දකුණින් දියහොඳ ඇල හා මීගමුව කලපුව දක්වාත්,බටහිරින් - මහමහුද හා කලපුව දක්වාත් සිමා පනවා මීගමුව දිස්ත්‍රික්කයක් ලෙස  නම් කිරීමට ඉඩ නොදී එය ගම්පහ දිස්‍රත්‍රික්කයක්  ලෙස නම් කර මීගමුව යටපත් කරනවා

Thursday, June 11, 2015

මමත් බ්ලොග් රචකයෙක් වුනා

ඔන්න මගේ මේ පලමු බ්ලොග් එක.මමත් බ්ලොග් රචකයක් වුනා.මටත් මෙහෙම එකක් පටන් ගන්න හිතුනේ හරින්ගේ හිනලන්තය දැකලා.එයා තමයි මට ඊමේල් හරහා එයා මාව දැනුවත් කලා කොහොමද මේ වැඩේ පටන් ගන්නෙ කියලා.මුලින්ම මගේ ස්තූතිය ඔබට හරි.
ඉතින් මුලින් මුලින් මාගේ අඩුපාඩු ඇති මුලින්ම එකට සමා වෙන්න ඔනේ.මමත් මීගමුවේ හැදිලා වැඩිලා අද දෙයියනේ කියලා රැකියවක් කරගෙන ජිවත් වෙනවා.
මම මුලින්ම අකුරු කියෙව්වේ මීගමුව පෙරියමුල්ල ගොඩක් පොඩියට තිබ්බ ලොයෙලා විදුපියසින්.එකට තව නමක් කිව්වේ (වෙන ඉස්කොල වල ඉන්න අය) ලව් කොලේජ් කියලා ගණන් ගන්න එපා හොදද.ඊට පස්සේ උසස් පෙළට ඉගනෙ ගත්තේ ශා.පීතර මධ්‍ය මහා විද්‍යලයේන්.දැං ඉස්සරට වැඩිය මීගමුව ගොඩක් දියුණු වෙලා ඉතින් මගෙ පලමු ලිපියත් මීගමුව ගැන තමයි ඉතින එකෙන් හමුවෙමු.
බුදු සරණයි! දෙවි පිහිටයි! සියලු දෙනාට