Sunday, June 28, 2015

මිගමුව එදා 01



මිගමුව එදා
මීගමුව මගේ ගම.මං ඉපදුන හැදිවැඩුන ගම.ශ්‍රී ලංකාවේ විශාලත්වයේන පස්වෙන නගරය යන්නේ මීගමුව නගරයයි.ඉංග‍්‍රීසියන් නිගම්බු (Negombo) ලෙස හදුන්වන මීගමුව ව්‍යවහරයේ පහසුව සදහා එසේ හැදින්වුවද එහි සැබෑ නාමය මීගොමුව බව ජන ජනවහරේ පවතිනවා.රුහුණෙ රජ කල කාවන්තිස්ස රජතුමාගේ බිසව වු විහාරමහාදේවියට හට ගත් දොළදුකක් සංසිදවනු පිණිස මී වද සොය පැමිණි ගමනෙදි මෙම ප්‍රදේශයේ මී වද ගොමුවක් තිබු නිසා මීගොමුව ලෙස එකි ප්‍රදේශය හැදින්වු බව කියවෙනවා.(කථාවේන් පොඩ්ඩක් පිට පනිනවා හොදේ.මීගොමුවෙන් ගත් මී වද ඉන් ඔබ්බට වන්නට හලා දැමු බවත් එම ගම හලාවද ලෙස පසුව හලාවත ලෙසත් , නැවත රුහුණට යන මාර්ගයෙන් මී ඉහිරිලා තියෙනවා එක නිසා මීඉහිරුණු ගම මීරීගම ලෙසත් සදහන් වෙනවා.ඔවුන් රජ මාලිගයට නැවත යන මාර්ගයේ කථා ගොඩක් තියේනවා එක නිසා එවා පසුවට පොස්ට් කරන්නම්)

බස්නාහිර පළාතේ බටහිර වෙරළ තීරයේ මීගමුව කළපුවට මුහුණලා පිහිටි මීගමුව නගරය ප්‍රසිද්ධත්වයට පත්වී තිබෙන්නේ මහ පරිමාණයන් පවතින ධීවර කර්මාන්තය හා සංචාරක කර්මාන්තය නිසාය.මෙහි ධීවර කර්මාන්තය ගැන කථා කිරීමේදි යම් විශෙෂයක් දැකිය හැකිය.එනම් මීගමුවේ කළපු හා මුහුදු යන ධීවර අංශ දෙකම දක්නට තියනවා.මී ගොමුව සොයා ගන්නේද අතහැර දමන ලද සම්ප්‍රදායික ඔරුවක තිබිලා.එයින් පැහැදිලි වෙනවා රජ සමයේද ධීවර කර්මාන්තය මෙහි තිබු බවට.

විදේශ වෙළදාම ගැන කියනවා නම් එ කාලේ 7 වැනි 8 වැන ශත වර්ෂ  වල මීගමුව ප්‍රදේශයේ ව්‍යාප්ත වෙලා තියෙනනේ කුරුදු වගාවයි.ක්‍රි.ව.1505 දී පෘතුගීසීන් ලංකාවට පැමිණිමත් සමගම කුරුදු වගාවේ සියලු බලතල පෘතුගීසී විසින් පවරා ගන්නවා.තවද පෘතුගීසී මීගමුවේ බලකොටුවක්ද පිහිටවනවා.මෙම පැමිණිම මල් ඵල ගැනීමක් වශයේන් මීගමුවේ විසු ධීවර ජනතාව කතෝලික ධර්මය වැළදගත්තේ කිසිදු විරෝධතාවකින් තොරවයි.එහි සාර්ථකත්වය කෙසේද එයත් මීගමුව නගරයේ ජනගහනයෙන් 2/3 ප්‍රමාණයක් කතෝලික බැතිමතුන් වන අතර මීගමුව ‘පුංචි රෝමය‘ යන අන්වර්ථ නාමයෙන් හදුන්වනවා.

සියවසකට අධික කාලයක් කුරුදු අධිපත්‍ය පවත්වාගෙන ගිය පෘතුගීසී මහනුවර රාජධානියේ විසූ රජු විසින් ලන්දේසීන්ගේ උපකාර ඇතිව  ක්‍රී.ව.1646 දී ලන්දේසීන් හා යුධ ගැටුමක් ඇති වි පෘතුගීසී බලය බිදවැටෙනවා.

ක්‍රී.ව. 1672 දී ගොඩනැගු ලන්දේසි බලකොටුව සහ කොළඔ සිට පුත්තලම දක්වා මීගමුව හරහා දිවෙන හැමිල්ටන් ඇළ  මාර්ගය මීගමුව ජනතාවට උරුම වුවක්.අද මීගමුව බන්ධනාගාරය තියෙන්නේ එදා ලන්දේසී බලකොටුව තිබුන තැන.මීගමුව උසාවිය අසන්නයේ කන්ද උඩ පල්ලියද ඕලන්ද පල්ලියකි.ක්‍රි.ව.1785-1791 අතර කාලයේ චීනය කුරුදු වගාවට සම්බන්ධවිමත් උඩරට රාජධානියේ තිබුනු සටන් නිසාත් කුරුදු වගාව අභාවයට ගියා.

ශ්‍රී ලංකාව සම්පුර්ණයේන බ්‍රිතාන්‍යට යටත් විමත් සමගම මීගමුව සතු යුද්ධමය වැදගත්කම නැතිවි ගියා.ඉන් පස්සේ කොළඔ ප්‍රදේශයේ මුරපොලක් වශයෙන් මීගමුව නගරව පැවතුණ අතර එය වාණිජමය වශයෙන් සංවර්ධනය වුනා.හැමිල්ටන් ඇළ මාර්ගය හා කරත්ත හරහා සිදු වු භාණ්ඩ ප්‍රවාහනය සිදු වු අතර 1907 දි මීගමුවට දුම්රිය මාර්ගය පැමිණුනා.

ඈත අතීතයේ භාණ්ඩ ප්‍රවාහනට යොදා ගත්තේ බක්කි කරත්තයි.මමත් පොඩි කාලේ අම්මත් එක්ක කාමච්චොඩේ පොලේ යනවා සරුවත් එකක් බිලා බක්කි කරත්තේ එන්න.මීගමුවට ඇදි එන කරත්ත කරුවන්ට ගිමන්හල්ද තිබුණා.මීගමුවේ කටුවපිටිය සියඹලා ගහ යට මීගමුව ප්‍රදේශයේ තිබුණු ගිමන් හලකි.ගමනේ යෙදෙන අය සදහා තේපැන් බුලත් විට හා කරත්ත වල බැදි ගොනුන් ලිහා වතුර හා පුන්නක්කු ලබා දිමද මෙහිදි සිදු විය.සියඔලා ගහා අසල තිබේන කඩය අසල තියන උස්පිලගේ නිවස ගැනද විශේෂයන් සදහන් කරන්න ඔනා මොකද ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉංග්‍රීසින් විසින් අල්ලගෙන කූරුණෑගල හරහා කොළඔ රැගෙන ඒමේදි පිපාසයට වතුර ලබා දි තිබේන්නේ උස්පිලගේ නිවැසියන් විසිනි.
රජකාලයේ ඛෙදීම් අනුව මීගමුව මායා රටටද, පෘතුග්‍රීසි හා ලන්දේසි පාලන සමයේදී සත් කෝරළයටද, බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වීමෙන් පසු උඩරට හා පහතරට වශයෙන් වෙන් කළ ඛෙදීම් අනුව පහතරටටද අයත් විය. පැරණි ඛෙදීම් අනුව ගම්පහ දිසාව 1.අලූත් කුරු කෝරළය,2.දකුණු හාපිටිගම් කෝරළය, 
3.උතුරු හාපිටිගම් කෝරළය ,4.සියනෑ කෝරළය (විවාහ සහතිකේ අදටත් සදහන් වෙනවා) ලෙස කෝරළ සතර කින් සමන්විත වූ අතර මෙයින් මීගමුව අයත්වන්නේ අලූත්කුරු කෝරළයට වේ. අලූත්කුරු කෝරළයද දාසිය පත්තුව,රාගම් පත්තුව,දූනගහ පත්තුව ලෙස කොටස් තුනකට ඛෙදී තිබූ බව පැරණි පරිපාලන වාර්තාවන්හි සඳහන් වී ඇත.

කෙසේ වුවද ඉංග්‍රීසි පාලන කාලයේදි කොළඹ හැරුණු විට බස්නාහිර පළාතේ තිබු ඊලගට දියුණුම සහ විශාලතම නගරය වුයේ මීගමුව ය. එය කලක් මීගමුව දිස්ත්‍රික්කය ලෙසද(1976 පෙර උපන් අයගේ උප්පැන්න සහතික වල මීගමුව දිස්ත්‍රික්කය කියලා සදහන් වෙනවා), ඊට පස්සේ  1979 වර්ෂයේදී මීගමුව බලප්‍රදේශය සම්පූර්ණයෙන්ම මහ කොළඹ ආර්ථීක කොමිසම යටතට පත්කෙරුනා. උතුරින් මහඔය දිගේ බටපත්ඇල දක්වාත්,නැගෙනහිරින් - බටපත්ඇල, ෆාතිමා පාර, හලාවත -කොළඹ පාර,වැලිහේන පාර,මිගමුව - ගිරිඋල්ලපාර, මහහුණුපිටිය,දකුණින් දියහොඳ ඇල හා මීගමුව කලපුව දක්වාත්,බටහිරින් - මහමහුද හා කලපුව දක්වාත් සිමා පනවා මීගමුව දිස්ත්‍රික්කයක් ලෙස  නම් කිරීමට ඉඩ නොදී එය ගම්පහ දිස්‍රත්‍රික්කයක්  ලෙස නම් කර මීගමුව යටපත් කරනවා

4 comments:

  1. //.මීගමුවේ කටුවපිටිය සියඹලා ගහ යට මීගමුව ප්‍රදේශයේ තිබුණු ගිමන් හලකි//
    මේ කියන්නේ කොයි හරියද?

    //මීගමුව නම් කිරීමට ඉඩ නොදී එය ගම්පහ ලෙස නම් කර මීගමුව යටපත් කරනවා// මේ ටික නම් තේරුනේ නෑ.

    මීගමුවේ පාසල් ගිය නිසා ගොඩක් විස්තර දන්නවා මීගමුව ගැන. ඒත් දිස්ත්‍රික්කයක් වෙලා තිබුන බව දැනගත්තෙ මේ ලිපියෙන්.

    ReplyDelete
    Replies
    1. මීගමුව දිස්ත්‍රික්කයක් වශයෙන් නම් කරන්න ඉඩ නොදි එය ගම්පහ දිස්ත්‍රික්කයක් ලෙස නම් කරනවා.

      Delete
  2. සුරංගගේ 'ලෝ'කය නේද?

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete