Sunday, August 30, 2015

මීගමුව අගුරුකාරමුල්ලේ මහ පන්සල හෙවත් බෝධිරාජාරාමය 1 කොටස



මීගමුව අගුරුකාරමුල්ලේ මහ පන්සල හෙවත් බෝධිරාජාරාමය

මීගමුව යන නමත් එක්ක අපගේ මනසට නිතැතින්ම නැගෙන්නේ ධීවර කර්මාන්තය හා ක්‍රිස්තියානි දහමයි. මීගමුවෙ බහුතරය පිරිසක් අදහන ආගම ලෙසත් ක්‍රිස්තියානි ආගම අපට හැදින්විය හැකිය.මේ සියළු කාරණා සමග මීගමුවේ එක් විශෙෂිත ස්ථානයක් අපට දක්නට ලැබෙනවා.එය නම් අගුරුකාරමුල්ල බෝධිරාජාරාමයයි.නැතිනම් අගුරුකාරමුල්ල මහ පන්සලයි.විශ්මිත නිර්මාණාත්මක වාස්තු විද්‍යාත්මක තාක්ෂණයෙන් සහ දුටුවන්ගේ සිත් ඇද බැද ගන්නා අලංකාර සිතුවම් ,මුර්ති සහ කැටයම් කලාවෙන් යුත් මෙම ස්ථානය මීගමු පුරවරයේ නාමය දෙස් විදේස් රැදවිමට සමත් වුවකි.

ආරම්භය

මෙම අගුරුකාරමුල්ල බෝධිරාජාරාම විහාරය මුලින්ම ඉදිකර තියෙන්නේ වත්මන් විහර භුමියට මදක් මෑතක පිහිටා ඇති බිම් කඩකයි.වර්තමානයේ ‘පන්සල්වත්ත‘නමින් හදුන්වනු ලැබුවත් මුලින් හදුන්වනු ලැබුවේ ‘කජුගහවත්ත‘ නමිනි.අකුරළ මහතෙරුන් සහ සිංහලේ මහතෙරුන් යන භික්ෂුන වහන්සේ දෙනම මෙහි පළමුවෙන්ම වැඩ විසු බව පැවසුණද ඉන් වැඩි තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වි ඇත.

අක්කර 01 රූඩ් 01 සහිත මෙම ඉඩම මානම් පීරිස් ද සිල්වා නොතාරිවරයා විසින් 1868 අප්‍රේල් මස 08 වැනි දින අංක 16540 දරන පුජා ඔප්පුවෙන් කිරිමැටියානේ සුධම්මවංශාධිපති රේවත අනුනාහිමියන්ගේ ශිෂ්‍යානු පරම්පරාව වෙත පවරා දී තබෙනවා.කුඩා බිම් කඩක් වු මෙම ඉඩම පසුව පුන්දිරන් සයිමොන් ද සිල්වා මුහම්දිරම් මැතිතුමා විසින් වරතමාන භුමිභාගය මෙම විහරස්ථානය සදහා පුජා කර ඇත.පොල්කටු අගුරු නිෂ්පාදනය කරමින් සිටි මිනිසුන් විසු භුමියක් නිසා එය අගුරුකාරමුල්ල නමින් එය හදුන්වන්නේ එනිසායි.පසුව එය බෝධිරාජාරාමය යනුවෙන් නාමකරණය කලත් තවමත් එය ප්‍රසිද්ධ වි තිබේන්නේ අගුරුකාරමුල්ල යන නමින්ය.

විහාරය ඇරඹි මුල් අවදියේ එනම් ජූජ්‍ය කෝදාගොඩ ඤාණාලංකාර හිමියන් විහාරාධිපතීත්ය දරන සමයේ මෙම විහාර භුමිය විශාල මඩ ගොහොරුවක්.ගොඩනැගිල්ලක් තියා පයින් ඇවිදිමටවත් හැකියාවක් ලැබි නැහැ.බුරුම දේශයෙන් වැඩම කරවන ලද කිරිගරුඩ බුද්ධ ප්‍රතිමාවක් අනුරාධපුරයේ විහාරස්ථානයකට ගෙනයාම සදහා කොළඔ වරයේ සිට ගැල් පෙරහරකින් රැගෙන විත් තියෙනවා.ඔවුන් ගෙ ගමන් මාර්ගය වැටි තිබෙන්නේ අගුරුකාරමුල්ල මහ පන්සල හරහායි.රැය පහන් කර තිබෙන්නේ අගුරුකාරමුල්ල පන්සල් භුමියේ.පසුදි ගැල්කරුවන් ගමනාරම්භ කිරීමට සුදානම් වුවත් ප්‍රතිමාව සහිත ගැල සෙලවීමට පවා නොහැකි වි තෙබෙනවා.විශාල පිරිසක් එක්ව කොතරම් වෑයම් කළද ප්‍රතිමාව සහාත ගැල එතනින් ඉවත් කිරීමට නොහැකි වුයෙන් අපේක්ෂිත ස්ථානය වෙත බුදු පිළිම වහන්සේ වැඩම කරවීමේ අදහස අත්හැර දමන්න සිදුවෙනවා.අවසානයේදි ඤාණාලංකාර හිමියන්ට යම් මුදල් ප්‍රමාණයක් නාරංවිට සුමනසාර හිමියන්ට ගෙවා එම ප්‍රතිමාව තමා වෙතම තබා ගන්න කල්පනා කොට දායක කාරකාදීන්ගේන ලද අධාර මත ප්‍රතිමාවේ අයිතිය ලබාගන්නවා.

ප්‍රතිමා මන්දිරය
මෙම අගුරුකාරමුල්ල මහා විහාර සිතුවම් 18-19 ශතවර්ෂවල මෙ රටේ ව්‍යප්ත වු මහනුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදායත් යුරෝපීය යථාර්ථවාදී චිත්‍ර සම්ප්‍රදායත් සම්මිශ්‍රණය වීමෙන් සකස් වු මෙම නුතන විහාර චිත්‍ර සම්ප්‍රදාය මේ යුගයට අයත් පහතරට විහාරස්ථාන කිහිපයකම දක්නට ලැබේ.මෙම විහාර මන්දිරය තුල මුර්තිමත් කරන ලැබුවේ කලා ශිල්පි ජයෝරිස් ගුරුන්නාන්සේ විසිනි.
මෙම ප්‍රතිමා මන්දිරය ඉදිකිරීමට මුලික වි තිබෙන්නේ විහාරධිපති පූජ්‍ය ශ්‍රී මේධංකර තිස්ස නාහිමියන් වහන්සේ ගේ මුලිකත්වයෙනි.එවකට මීගමු ප්‍රදේශයේ විසූ දානපතිනයක වු කැරලැයින්ද සිල්වා නොතාරස් හාමනේගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකරනු ලැබු ප්‍රතිමා මන්දිරය දිගින් අඩි 103 ක් හා පළලින් අඩි 38 කින් යුක්ත වේ.මෙම මාලයන් හි බිත්ති,සීලිම ආදී සෑම පෘෂ්ඨයකම අඔන ලද රූප සහ සිතුවම්වලින් යුක්ත වේ.

ධාතු මන්දිරය සහිත තෙමහල් පුස්තකාලය

මේධංකර මහානායක හිමියන්ගේ මුලිකත්වයෙන් නිමවනු ලැබු මෙම ධාතු මන්දිරය සහිත පුස්ථකාලය ප්‍රදේශයේ කිසිදු ගෘහ ඉදිකිරීමකට සමාන නෙවන අයුරින් නිර්මාණය කර ඇත.ක්‍රි.ව. 1941 මාර්තු 10 වැනි දින එවකට ශ්‍රි ලංකවේ ආණ්ඩුකාර ධුරය දැරු ශ්‍රිමත් ඇන්ඩෘ කෝල්ඩ්කොට් මැතිතුමන් විසින විවෘත කරනු ලැබු මෙම ධාතු මන්දිරය සහිත තෙමහල් ගොඩනැගිල්ල එතුමන්ගේ සිත් දිනගත් බව වාර්තා වෙනවා.

තෙමහල් වටදාගෙය සහිත චෛත්‍යය

ශ්‍රි ලංකාවේ කිසිදු පන්සලක දක්නට නොලැබෙන  ආකාරයේ අපූර්ව සැලසුමකින් යුක්තව දාගැබ ඉදිකර තිබීම මෙයට ඇති තවත උදාහරණයක්.ඈත සිට යම් අයෙකු නරඔන විට ඔහුට හෝ ඇයට දක්නට ලැබෙන්නේ පරිවාර චෛත්‍යය හතරකින් සමන්විත දාගැබක් සහති තුන්මහල් ගොඩසැගිල්ලකි.නමුත් ප්‍රෙව්ශ දොරටුවෙන් පිවිසෙන්නෙකුට බිම්මහලත් ,දෙවැනි මහලත් පුරාවට දකින්නට ලැබෙන්නේ මේ රටේ කිසිදු ස්ථානයක දක්නට නොලැබෙන අපුරු සිතුවම් පෙළකි.ලංකා ඉතිහාසයේ ඉතා වැදගත් සිදුවීම් රැසක් පසුබිම් කර ගනිමින් මෙම සියලුම චිත්‍ර නිර්මාණය කර ඇත.බිම් මහළ වෙන් ව ඇත්තේ ශ්‍රී ලංකාවේ රජකම් කල රජවරුන්ගේ සිතුවම් සහිත නාමවලියයි.

ඉතිරිය දෙවෙනි කොටසින්.......................

Saturday, August 29, 2015

පරවර ජනයා



ලංකාවේ වෙසෙන පරවර ජනයා
 
කොයි තරම් වෙලා හෙව්ව ද? මොන තූත්තුකුඩියක ද ගිහිල්ලා හිටියෙඅප කුඩා අවදියේ නිවෙසින් පිටත්ව ගොස් ආපසු නිවෙසට පැමිණි විටෙක අපේ ආච්චිලා සීයලා අප ඇසුවේ එ විදියට. තූත්තුකුඩිය අපේ ආච්චිලා සීයලාගේ කතා ව්‍යවහාරයට එසේ එක්ව තිබුණේ ඉතා ඈත කාලයක සිට ශ්‍රී ලංකාව හා තූත්තුකුඩිය අතර තිබූ සමහර සම්බන්ධතා නිසාය. එක් කරුණක් වූයේ අතීතයේ බොහෝ විටෙක අපේ බත්පත රසගැන්වූ කරවල මෙරටට ගෙන්වූයේ තූත්තුකුඩියෙන් නිසාය.එයට වඩා වැදගත් හා සුවිශේෂී කරුණ වූයේ ශ්‍රී ලංකාවේ ජීවත්වන ජන කොට්ඨාසයක් වූ ශ්‍රී ලංකා භාරතයන් (අද හදුන්වන්නේ) හෙවත් පරවර ජනතාවගේ ආදිතමයන් ශ්‍රී ලංකාවට පැමිණියේ තූත්තුකුඩියෙන් වීමය.
බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඔවුන්ගේ සමුද්‍ර යාත්‍රික කටයුතු පහසුකර ගැනීම සඳහා කොළඹ වරාය සංවර්ධනය කර ගැනීම ඔවුනට අවශ්‍ය විය. මේ සඳහා ඉංග්‍රීසින් සමුද්‍ර යාත්‍රික කටයුතු පිළිබඳ දැනුමක් ඇති පිරිසක් දකුණු ඉන්දියාවේ තූත්තුකුඩිය ප්‍රදේශයෙන් මෙරටට රැගෙන එනවා. ධීවර කර්මාන්තය පිළිබඳ දීර්ඝ අත්දැකීම ඇති දකුණු ඉන්දියාවේ වෙරළබඩ ජීවත්වූ මේ ජන කොට්ඨාසය හැඳින්වූයේ පරවර ජනතාව යනුවෙනි.
මෙලෙස කොළඹ වරායේ සේවය සඳහා පැමිණි පරවර ජනතාවගෙන් සමහර දෙනකු ආපසු තම උපන් බිමට නොගොස්, ශ්‍රී ලාංකික තරුණියන් විවාහ කරගෙන කොළඹ කොච්චිකඩේ කොටහේන, මෝදර,මීගමුව එත්තුකාල වැනි ප්‍රදේශවල පදිංචි වූහ. එලෙස ඉංග්‍රීසි පාලන සමයේ තූත්තුකුඩියෙන් පැමිණි පරවර ජනතාව ගෙන් පැවත එන්නන් අදත් මේ ප්‍රදේශවල විශාල වශයෙන් ජීවත් වෙති.
එයටත් පෙර කාලයක ශ්‍රී ලංකාවේ මුතු කිමිදීම සිදුකරන සමයේ වයඹදිග වෙරළ ප්‍රදේශයේ මුතු කිමිදීම සඳහා තූත්තුකුඩියේ පරවර මිනිසුන් මන්නාරම, අරිප්පුව, හලාවත වැනි ප්‍රදේශවලට පැමිණියහ. ඔවුන් අතරින් සමහර දෙනකු ද ආපසු තම මවු රටට නොගොස් එම ප්‍රදේශවලම බින්න බැස්සහ. අද ඒ ප්‍රදේශවල ජීවත්වන සමහර දෙනකු ද ඒ ආදිතම පරවර ජනතාවගෙන් පැවත එන්නෝ වෙති.
පරවර ජාතිකයින් ශ්‍රී ලංකාවට පැමිණීමට තවත් ප්‍රධාන හේතුවක් වූයේ අප කලින් ද කී පරිදි තූත්තුකුඩිය හා ශ්‍රී ලංකාව අතර තිබූ කරවල වෙළෙඳාමය. වසර හැත්තෑවකට අසූවකට එහා අතීතයේ සිංහල මිනිසුන් බත් වේලට මස් මාළු එකතු වූයේ කලාතුරකිනි. නමුත් කරවල කැබැල්ලක් ඔවුන්ගේ බත් පතට ආගන්තුක කෑමක් නොවීය. එනිසා හොඳ කරවල වෙළෙඳාමක් එකල ශ්‍රී ලංකාවේ විය.
එකල මෙරටට අවශ්‍ය කරවල වැඩිපුර ගෙන්වූයේ තූත්තුකුඩියෙනි. තූත්තුකුඩියට සමීප ඉන්දියන් සාගරයේ පිහිටි ලක්ෂ්ද්ව් දූපත් සමූහය සම්පූර්ණයෙන් කරවල නිෂ්පාදනය කරන ස්ථාන විය. ඒවායේ කරවල ද යැවුණේ තූත්තුකුඩියටය.
ඉංග්‍රීසි යුගයේ පටන් ලංකාවේ කරවල වෙළෙඳාමේ මෙහෙයුම සිදුවූයේ කොළඹ බංගසාල වීදියේය. එම කරවල වෙළෙඳාමේ ඒකාධිකාරිය හිමිව තිබුණේ ද පරවර ජනතාවටය. එලෙස කරවල ව්‍යාපාරිකයන් වශයෙන් පැමිණි පරවර ජනතාවගෙන් කොටසක් ද ආපසු ඉන්දියාවට නොගොස් ශ්‍රී ලංකාවේම පදිංචි වූහ.
අද ක්‍රියාත්මක නොවූවත් එකල මීගමුව, හලාවත, කල්පිටිය, මන්නාරම යන ප්‍රදේශවල විදේශීය කුඩා නෞකාවන් යන එන වරාය විය. එම වරායන්හි ආනයනික බදු අය කිරීම සඳහා රේගුව ද එම ස්ථානවල ක්‍රියාත්මක විය. තූත්තුකුඩිය වරායෙන් කරවල සහ වෙනත් කුළුබඩු රැගෙන ආ සමුද්‍ර යාත්‍රාවල සේවය කළ සමහර පරවර පුද්ගලයන් ද ශ්‍රී ලංකාවේ කාන්තාවන් හා විවාහ වූහ. එම නිසා ඔවුන්ගෙන් පැවත එන පරවර ජනතාවක් ද මීගමුව, හලාවත, කල්පිටිය, මන්නාරම වැනි ප්‍රදේශවල ජීවත් වෙති.
එම පරවර ජනතාවගෙන් පැවත එන්නන් දැන් ශ්‍රී ලංකාවේ දැන් හඳුන්වන්නේ ශ්‍රී ලංකා භාරතයනුවෙනි. ඔවුන් අතරින් ජෝන් රුද්‍රිගු, ජෝර්ජ් ආර්. මෝතා අපේ පාර්ලිමේන්තුව ද නියෝජනය කර ඇත.නීතිඥ ජේ. විල්සන් ප්‍රනාන්දු, සෙල්වම් කෲස් මොරායස්, ජුවාන් ඩි කෲස්, ක්ලැරන්ස් ඩි කෲස්, ලාසරුස් දබරේරා පරවර ජාතිකයන් අතර කියැවෙන කීර්තිමත් නාමයන්ය.ඈත අතීතයේ හින්දු භක්තිකයන් වශයෙන් සිටි තූත්තුකුඩියේ පරවර ජනතාව කතෝලික භක්තිකයින් බවට පත්වූයේ 1538 දීය. ඒ පේදුරු ගොන්සාල්වේස් නමැති කතෝලික පියතුමකු විසින් එම පරවර පිරිස බෞතීස්ම කිරීමෙනි.

මේ ටික කියන්නේ මේ පරවර ජනතාව අපහසුතාවට පත් කරන්න නම් නොවෙයි හොදේ.මුලදි ඔවුනට කුලයක් තිබුණෙ නැ (ගොවිගම ,වහුම්පුර, බත්ගම, කරාව, දුරාව, හාලි, නැකැති. රජක, කුඹල්, විශ්වකුල වගේ).පරවර ජනතාවද ධීවර කර්මාන්තයේ නිරත වෙන ගමන් සමහර වාරකන් කල වලදි තම අත මිට මුදල් නැති වෙනවා.මේ නිසා ඔවුන්  ගනුදෙනු කරන්නේ කතොලික ධීවර ජනතාව සමග.මුල් කාලයේ පරවර ජනතාව හින්දු භක්තිකයන්. පසුව තමයි ඔවුන් කතොලික ආගම වැලද ගත්තේ.එවකට සම්ප්‍රදායික කතොලික ධීවර ජනතාව කැමැත්තක් දක්වන්නේ නැ ඔවුන්ට.එනිසා ඔවුන් සමග ගැටීම් නිරන්තරයෙන් ඇති වෙනවා.සමහර වෙලාවට කතොලික පුජක තුමා ලාටද මේ ගැටුම් විසදිමට ද සිදුවෙනවා.ඔවුනට කතොලික පල්ලි තුලට වැද්ද ගැනීම සිමා සහිත කරලා තියෙන්නේ. මේ නිසා ඔවුන කුඩා දෙවස්ථාන සදා ගෙන එවායේ තම ආගමික කටයුතු සිදු කරගෙන තිබෙනවා.මේ අතර එක්තරා කලයකදි පල්ලියේ දෙවස්ථානයක සුරුවමකට දමා තිබු රත්තරං මාල නැතිවෙනවා.මේ නිසා වැඩි දෙනෙක් සැක කරන්නේ මෙම පරවර ජනතාව එම රත්තරං මාල සොරකම් කර ඇති බවයි.මේ නිසා පල්ලියට එකතු වෙන සම්ප්‍රදායික කතොලික ජනතාව දැඩි වීරොධයක් එල්ල කරනවා පරවර ජනතාව වෙත.මේනිසා ඔවුන් එම ගමේන් එලවා දමන්නෙ “පල හොරු“ පල හොරු‘ ලෙසයි.පසුව ඔවුන් ලංකාවේ විවිධ ප්‍රදේශ වල පදිංචි වෙනවා.මේ නිසා පසු කාලයෙක ඔවුන් කතොලික ජනතාව සමග මිශ්‍ර විමෙන් ඔවුන් ‘පරහොරු‘ කියන නාමය ‘පරවර‘ ලෙස වෙනස් කර ගන්නවා.මීගමුවේ එත්තුකාල ප්‍රදේශයේද  ඔවුන්ගෙන් පැවත එන ජනතාවද පදිංචි වෙල ඉන්නවා.සෑම ආගොස්තු මාසයේ ඔවුන්ගේ කුඩා පල්ලියේ (එත්තුකාල මහා පල්ලියේ නොවෙයි) දානයක් දෙනවා.මේ දානය සෑම පරවර ජනතාව ජිවත් වෙන නිවසේ සාදා ඉන් කොටසක් පල්ලිය වෙත රැගෙන එනවා .එවා එහි පැමිණ සිටින සිගමන් යදින හා අන්ත දුප්පත් අයට බෙදා දෙනවා.මගෙත් ඉන්නවා මීගමුව එත්තුකාල ප්‍රදේශයේ පරවර අයගෙන් පැවත එන යළුවෙක්.මමත් යනවා මගේ යාළුවගේ ගෙදරට. අපි එක පාසැලේ ඉගෙන ගත්තේ.මෙම දානයේ විශෙෂිත දෙ තමයි සැම ගෙදරක මත්පැන් (නිත්‍යනුකුල) නොමැති විම. නමුත් පල්ලියේ බෙදන දානය සමග නිත්‍යනුකුල නොවන මත්පැන් පුංචි සිලි බැග් එකක දාමා එම දානය සමග බෙදා දෙනවා.එවාගේම නිවස් වලට පිටින් පැමිණෙන අයට (අපි වගේ යළුවන්ට) මෙම නිත්‍යනුකුල නොවන මත්පැන් ලබා දෙනවා.එක ඔවුනගේ සම්ප්‍රදායක්.නමුත් මම එ සැම අවස්ථාවකම එම මත්පැන් ප්‍රතික්ෂෙප කර කෑම ටික කා ගෙදර එනවා..............

Saturday, August 15, 2015

මීගමුව දිස්ත්‍රික්කය හා ඩී.එස් සේනානායක මහතා

මීගමුව දිස්ත්‍රික්කය හා ඩී.එස් සේනානායක මහතා

මීගමුව දිස්ත්‍රික්කයක් කිරීමට ඉඩ නොදි එය ගම්පහ දිස්ත්‍රික්කයට ඇද ගත් හැටි පසුගිය ලිපියකින් ඔයගොල්ලන්ට දැන ගන්නට සැලැස්සුවා.අද කියන්න යන්නේ අමුතුම කථාවක් හිතා ගන්නවත් බැරි දෙයක්..

1921 සිට 1924 දක්‌වා පැවති ව්‍යවස්‌ථාදායක මන්ත්‍රණ සභාව ඡන්දයෙන් මන්ත්‍රීවරු 23 හා ආණ්‌ඩුකාරයා පත්කළ මන්ත්‍රී 14 දෙනකුගෙන් සමන්විත වූ බහුතර බලයක්‌ ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීන්ට හිමිව ඇති බවට බැලූ බැල්මට පෙනුනත් එය ක්‍රියාත්මකවීමේදී මෙම ආණ්‌ඩුක්‍රමය තුළ මෙරට සිංහල ජනතාවට ව්‍යවස්‌ථාදායකමය බලයක්‌ තිබුණෙ නැ. මේ නිසා ආරම්භයේදීම දේශීය උගත් මධ්‍යම පන්තියේ උද්ඝෝෂණ හේතුවෙන් 1923 දෙසැම්බර් 19 වැනිදා නිකුත් කළ රාජාඥවකින් ව්‍යවස්‌ථාදායක මන්ත්‍රණ සභා පනත සංශෝධනය කර 1924 අගෝස්‌තු 29 වැනිදා ව්‍යවස්‌ථාදායක සභාව විසුරුවා හැරියා.

නව ව්‍යවස්‌ථාදායක සභාව නිල නොලත් (ඡන්දයෙන් තෝරන) මන්ත්‍රීන් 37 දෙනකුගෙන් හා ආණ්‌ඩුකාරයා පත්කරන මන්ත්‍රීන් 12 දෙනකුගෙන් සමන්විත විය යුතු බවට රාජාඥවක්‌ පනවන ලදී. ඒ අනුව ලංකාව මැතිවරණ කොට්‌ඨාස 28 ට බෙදූ අතර ඉන්දියානු මන්ත්‍රී හා මුහම්මදිය (මුස්ලිම්) ආසන වෙනුවෙන් මන්ත්‍රී ආසන 05 ක්‌ද ඇති කරන ලදී. ප්‍රථම වරට බහු ආසන ක්‍රමය ඇති වූයේද මේ මැතිවරණයේ දීය. බර්ගර් ආසනය සඳහා මන්ත්‍රීන් දෙදෙනෙක්‌ද, ඉන්දියානු ආසනය සඳහා මන්ත්‍රීන් දෙදෙනෙක්‌ද, මුහම්මදීය ආසනය සඳහා මන්ත්‍රීන් 03 න් දෙනෙක්‌ද වශයෙන් තෝරාගත යුතු විය. 

ලංකාව බෙදන ලද ඡන්ද කොට්‌ඨාස 28 මෙසේය.
1. යුරෝපීය (නාගරික)                        2. යුරෝපීය (ගම්බද)                 3. වෙළෙඳ කොට්‌ඨාස
4. බර්ගර් (මන්ත්‍රීධුර 02)                      5. කොළඹ නගරය (උතුර)         6. කොළඹ නගරය (දකුණ)
7. කොළඹ දිස්‌ත්‍රික්‌කය                         8. මීගමුව දිස්‌ත්‍රික්‌කය                9. කළුතර ආදායම් දිස්‌ත්‍රික්‌කය
10. බස්‌නාහිර පළාත (ලංකා දෙමළ)    11. මධ්‍යම පළාත (නාගරික)     12. මධ්‍යම පළාත (ගම්බද)
13. උතුරු පළාත (උතුර)                     14. උතුරු පළාත (දකුණ)          15. උතුරු පළාත (නැගෙනහිර)
16. උතුරු පළාත (බටහිර)                   17. උතුරු පළාත (මධ්‍යම)         18. දකුණු පළාත (නැගෙනහිර)
19. දකුණු පළාත (මධ්‍යම)                   20. දකුණු පළාත (බස්‌නාහිර)     21. ත්‍රිකුණාමල ආදායම් දිස්‌ත්‍රික්‌ක      
22. මඩකලපුව ආදායම් දිස්‌ත්‍රික්‌ක         23. වයඹ පළාත (බටහිර)          24. වයඹ පළාත (නැගෙනහිර)           
25. උතුරු මැද පළාත                          26. කෑගල්ල ආදායම් දිස්‌ත්‍රික්‌ක  27. රත්නපුර ආදායම් දිස්‌ත්‍රික්‌ක          
28. ඌව පළාත

මීට අමතරව ආණ්‌ඩුකාරයා විසින් තවත්a මන්ත්‍රීධුර 05 ඇති කළේය. 
 ඉහත සඳහන් ආකාරයට ඡන්ද කොට්‌ඨාස බෙදීම කිසියම් පොදු පිළිවෙතකට අනුව සිදුවී නැත. ඇතැම් පළාත් වෙනුවෙන් එක්‌ මන්ත්‍රීවරයකු තෝරා ගනිද්දී තවත් පළාතක්‌ වෙනුවෙන් මන්ත්‍රීවරු 03 හෝ ඊටත් වැඩියෙන් තෝරා ගන්නා ලදී. තවත් තැනක ආදායම් පාලක කොට්‌ඨාසයට මන්ත්‍රීවරයකු තෝරා ගැනිණි.

1924 මැතිවරණය පවත්වන විට ලංකාවේ සියලු ඡන්ද කොට්‌ඨාස සඳහා ලියාපදිංචි ඡන්ද දායක සංඛ්‍යාව වූයේ 204957 පමණි. එය එදා මුළු ජනගහනය වූ පනස්‌ ලක්‍ෂයෙන් 4% පමණි. 1924 ඔක්‌තෝබර් 15 වැනිදා පිහිටුවන ලද මෙම ආණ්‌ඩු ක්‍රමය තුළ නිල නොලත් මන්ත්‍රීන් සංඛ්‍යාව බහුතරයක්‌ වුවද ඔවුනට බලතල අහිමි වීමත් ආණ්‌ඩුකාරයාට අසීමිත බලයක්‌a හිමි වීමත් නිසා ආණ්‌ඩුක්‍රම සංශෝධන සඳහා උද්ඝෝෂණ නිතැතින්ම ඇති විය. 
 
එ අනුව වර්ෂ 1924 සැප්තැම්බර් 27 දින මීගමුව දිස්ත්‍රික්කය  වෙනුවෙන් නිතරගයෙන් පත් වුයේ මෙරට ප්‍රථම අගමැති වු ජ‍ාතියේ පියා වශයෙන් හදුන්වනු ලබන නිදහසේ නියමුවා මහාමාන්‍ය ඩී.එස්‌. සේනානායක මහතායි.

මැතිවරණ පුරාණය ග්‍රන්ථය ඇසුරින්

මේ වගේ පැරණි ඉතිහාසයක් තිබෙන මීගමුව නගරය අවසන් පරිපාලන දිස්ත්‍රික් බෙදිම් අනුව දිස්ත්‍රික්කයක් වශයෙන් නම් කරන්නට ඉඩ නොදුනේනෙ කවුද? 
 


Saturday, July 18, 2015

මීගමුව මුන්නක්කරය


සිංහල දෙමළ එකට කථා කරන අය ඉන්නා මීගමුව  මුන්නක්කරය

සිංහල වචන මාලාවට ඉංග්‍රීසි වචන මීශ්‍ර කර කතා කිරීමේ කලාව ප්‍රචලිත වුයේ වර්තමානයේ ඇතැම් විද්‍යුත් මාධ්‍යවල නිවේදන කටයුතු නිසාය.එත්  සමහර සිංහලයන් ඉංග්‍රීසි වචන මිශ්‍ර කර සිංහල කථා කරන අකාරයටම එදා සිංහලයෝ දෙමළ වචන මීශ්‍ර කර කථා කිරීමෙන් තම උසස් තත්ත්වය පෙන්නුම් කලා.උම්මග්ග ජාතකය වැනි කෘති වල දෙමළ ඌරුවට ලියැවුණු වචනද අපට හමුවෙනවා.මෙම තත්ත්වය කෙමෙන කෙමෙන් අභාවට ගොස් ඉංග්‍රීසි ඉස්මතු වුවත් දෙමළ කතා කරන සිංහලයන් ජිවත්වන ගම් තවම තියෙනවා.මීගමුව නගරයට නුදුරින් පිහිටි මුනනක්කරය එවැනි ගමකි.

මුන්නක්කරය සිතියම
මීගමුව කලපුවෙන් වට වු දුපතක් ලෙස කොතලාවල පාලම හා මීගමුව නගරය වෙන්වෙන්නෙ මෙතැනනි.ධීවර කර්මාන්තය මුල කොට ගත් එදා මුන්නක්කරය ගම්වාසීන්ගේ දොරින් දොර ඇසුනෙ දෙමිළ බසින් වු කතාබහය.එදා තරුණයන්ගේ මුවග රැදුනේ ජනප්‍රීය දෙමළ ගීතය.ආච්චිලි සීයලා තම මුණපුරු මිණිපිරියන්ගේ ළමා ලොකය රසවත් කිරීමට තෝරා ගත්තේ දෙමළ කතාන්දරය.මීට දශක 4 කට 5 කට ඉහතදි දරුදැරියන් ,,, වෙනුවට ඉගෙන ගත්තේ ආනා,ආවන්නා සහිත දෙමළ හොඩි පොත්ය.සිප් සතර හැදෑරුවේ මුන්නක්කරයේ පිහිටි එකම පාසල වු සාන්ත නිකුලා දමිළ පාසලටය.ඒ කාලයේ මුන්නක්කරය ගෙවල් වැට මයිමේ දෙපසට වී මුළු පළාතම දෙවනත් වෙන්න ඇතැම් ගැහැනුන් දෙමළ නොසරුප් වදනින් බැණගැනීම සුලභ දසුනක් විය.එහෙත් ඔවුන් මුන්නක්කරය කතොලික පල්ලියේ දමිළ බසින් පැවැත්වු දේව මෙහෙයට සහභාගි වුයේ සිතේ තිබු තරහ මරහ අමතක කර දමාය.එහෙත් මෙහි ඇති අපුර්වත්වය වන්නේ මුන්නක්කරය සිංහල ගමක් විමය.

ලංකා ඉතිහාසයේ සදහන් වෙනවා වංකනාසික රජුගේ කාලයේදි ද්‍රවිඩ අක්‍රමණිකයින් සිංහලයන් 12,000 දකුණු ඉන්දියාවට ගෙන ගිය බව.පසුව ගජබා රජු ඒ අයව ආපසු ලංකාවට රැගෙන ආවා.එ විදියට රැගෙන ආ පිරිස මීගමුවේ ස්ථාන තුනක පදිංචි කරවු බව අතීත තොරතුරු වල කියවෙනවා.

එ අය සුරිය වංශයෙන් පැවැත එන බවයි සදහන් වන්නේ.මීගමුව මුන්නක්කරයේ පදිංචි කරවු අය කුරුකුලසූරිය වුනා.වැල්ල වීදියේ පදිංචි කරවූ අය වර්ණකුලසූරිය වුණා.දූව ප්‍රදේශයේ අය මිහිදුකුලසුරිය වුණා.ඇත්තටම මේ අය අපේ රටෙන් ගිය සිංහල අය.ඒත් දකුණු ඉංදියාවේ දෙමළ ආභාෂය නිසා දෙමළ භාෂාව කතා කරන්න පුරුදු වෙලා තිබුණා.එ අයගෙන් පැවැත එන පරම්පරාවෙන් දිගටම දෙමළ කතා කරන පිරිස ඉතිරි වුණේ මුන්නක්කරයේ විතරයි.දෙමළ ආභාෂය ලැබු මුනනක්කරයේ පදිංචි කුරුකුලසූරිය පරම්පරාවේන් පැවතෙන සිංහලයෝ සිංහලකම අමතක කර දැමු නිසාම ඔවුහු දෙමළ භාෂාවෙන් කතාබහ කරන සිංහල පිරිසක් බවට පත්වුණා.

පෘතුගීසී,ලංදේසි සහ ඉංග්‍රීසින්ගේ යටත් විජිත සමයේ ප්‍රනාන්දු වැනි වසගම් ඔවුන්ගේ නමේ කෙළවරට එකතු වුවද ඔවුන කතොලිකයන් වුවද සිංහලයන් බවට තහවුරු එකම සාක්ෂිය වූයේ පෙළපත් නාමය වු කුරුකුලසුරියයි.දමිළ බසින් දේව මෙහෙය පවත්වන කතෝලික පල්ලියක් සහ කතෝලික සභාවෙන් පාලනය වු දෙමළ පාසලක්ද මුන්නක්කරයට උරුම වූයේ කුරුකුලසුරියලාගේ ජිවිතය හා බද්ධ වුන දෙමළ භාෂාව නිසාය.මුනනක්කරය පල්ලියේ පුජාව දෙමළ භාෂාවෙන් පැවැත්වීම අදටත් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා.මෑතකදී පල්ලියට පත් වෙලා අපු පුජකතුමාට දෙමළ භාෂාව නොදන්න කෙනෙක්.එ පියතුමාට පුළුවන් ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් විතරයි පුජාව පවත්වන්න පුළුවන්.එත් මුනනක්කරය ගම් වාසින්ට දෙමළ භාෂාවේන් පුජාව අනිවාර්යයෙන් ඕනෑ කියලා පිරිසක් රදගුරුතුමාව හමුවෙන්න ගියා.දැන් වෙනත් මීසමක් පියතුමන් කෙනෙක් සතියකට වරක් ඇවිත් දෙමළ පුජාව පවත්වනවා.

කලපුව අයිනෙ දිගෙ ගොස් මංකුලිය සිංහල පාසැලට යෑවිමට එදා දෙමව්පියො බියක් දැක්වුවා.මෙ නිසා මුනන්කරය ගමේ පිහිටි දෙමළ පාසැලට තමයි ළමයි ඉගෙන ගැනිමට ඇතුලත් කරලා තියෙන්නේ.ගැණු ලමයි මුන්නක්කරය දෙමළ පාසැලටත් පිරිමි ළමුන් සෙන්ට් මේරිස් කොලිජියටත් ඇතුළු කලා.

මුන්නක්කරය ගම් වාසීන් අයත් වන්නේ කරාව කුලයට.මංකුලිය ගම්වාසීන් අයත් වන්නේ දුරාව කුලයට.දුරාවේ කුලයට අයත් ගමේ පාසලට සිය දරුවන්ව යැවීමට ඇති අකමැත්ත නිසාම කරාව කුලයට අවත් ගම්වැසියන් දරුවන්ව මන්කුලියේ සිංහල පාසලට ඇතුළත් කළේ නෑ.ඒ අනුව කුලභේදය නොතැකු පවුල්වල දරුවන්ව මන්කුලියේ සිංහල පාසලට යවද්දී ජාතිභේදය නොතැකූ පවුල්වල දරුවෝ මුනනක්කරය දමිළ පාසලෙන අධ්‍යාපනය ලැබුවා.දමිළ පාසලේ සිංහල අංශය අරම්භ කිරීමෙන් පසු දමිළ අංශය ඉබේ වැසි ගියා.ඉන් පසු එය සාන්ත නිකුලා සිංහල මිශ්‍ර විදුහල නමින් වර්තමානයේ එය ලමුන් 1000 පමණ ඉගෙන ගන්නා පාසලක් වුනා.

ලයනල් සරත් මහතාගේ පැරණ ලක්දිව සිංහල දෙමළ සබදතායන කෘතියේ ක්‍රි.ව. 5 වැනි 6 වැනි සියවස් තුළ පටන් උතුරු ප්‍රදේශයෙන් බැහැරව පදිංචි වු දෙමළ ජනතාව සිංහල බහුතරය් බලපෑමෙන් සිංහල ජාතික චින්තනය තුළ ගිලී ගොස් සිංහලයන් වු ආකාරයත් උතුරු ආක්‍රමණ හේතුවෙන් උතුරු ප්‍රදේශ වලට පළා ගිය සිංහලයන් දෙමළ ජනතාවගේ චින්තනය තුළ ගිලී ගොස් දෙමණ ජාතිකයන් වු ආකාරයත් සදහන් වී තබේ.මේ ආකාරයට මුනනක්කරයේ විසු ප්‍රජාව සිංහලයන වු බව අපට සිතිය හැකිය.