Saturday, August 29, 2015

පරවර ජනයා



ලංකාවේ වෙසෙන පරවර ජනයා
 
කොයි තරම් වෙලා හෙව්ව ද? මොන තූත්තුකුඩියක ද ගිහිල්ලා හිටියෙඅප කුඩා අවදියේ නිවෙසින් පිටත්ව ගොස් ආපසු නිවෙසට පැමිණි විටෙක අපේ ආච්චිලා සීයලා අප ඇසුවේ එ විදියට. තූත්තුකුඩිය අපේ ආච්චිලා සීයලාගේ කතා ව්‍යවහාරයට එසේ එක්ව තිබුණේ ඉතා ඈත කාලයක සිට ශ්‍රී ලංකාව හා තූත්තුකුඩිය අතර තිබූ සමහර සම්බන්ධතා නිසාය. එක් කරුණක් වූයේ අතීතයේ බොහෝ විටෙක අපේ බත්පත රසගැන්වූ කරවල මෙරටට ගෙන්වූයේ තූත්තුකුඩියෙන් නිසාය.එයට වඩා වැදගත් හා සුවිශේෂී කරුණ වූයේ ශ්‍රී ලංකාවේ ජීවත්වන ජන කොට්ඨාසයක් වූ ශ්‍රී ලංකා භාරතයන් (අද හදුන්වන්නේ) හෙවත් පරවර ජනතාවගේ ආදිතමයන් ශ්‍රී ලංකාවට පැමිණියේ තූත්තුකුඩියෙන් වීමය.
බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඔවුන්ගේ සමුද්‍ර යාත්‍රික කටයුතු පහසුකර ගැනීම සඳහා කොළඹ වරාය සංවර්ධනය කර ගැනීම ඔවුනට අවශ්‍ය විය. මේ සඳහා ඉංග්‍රීසින් සමුද්‍ර යාත්‍රික කටයුතු පිළිබඳ දැනුමක් ඇති පිරිසක් දකුණු ඉන්දියාවේ තූත්තුකුඩිය ප්‍රදේශයෙන් මෙරටට රැගෙන එනවා. ධීවර කර්මාන්තය පිළිබඳ දීර්ඝ අත්දැකීම ඇති දකුණු ඉන්දියාවේ වෙරළබඩ ජීවත්වූ මේ ජන කොට්ඨාසය හැඳින්වූයේ පරවර ජනතාව යනුවෙනි.
මෙලෙස කොළඹ වරායේ සේවය සඳහා පැමිණි පරවර ජනතාවගෙන් සමහර දෙනකු ආපසු තම උපන් බිමට නොගොස්, ශ්‍රී ලාංකික තරුණියන් විවාහ කරගෙන කොළඹ කොච්චිකඩේ කොටහේන, මෝදර,මීගමුව එත්තුකාල වැනි ප්‍රදේශවල පදිංචි වූහ. එලෙස ඉංග්‍රීසි පාලන සමයේ තූත්තුකුඩියෙන් පැමිණි පරවර ජනතාව ගෙන් පැවත එන්නන් අදත් මේ ප්‍රදේශවල විශාල වශයෙන් ජීවත් වෙති.
එයටත් පෙර කාලයක ශ්‍රී ලංකාවේ මුතු කිමිදීම සිදුකරන සමයේ වයඹදිග වෙරළ ප්‍රදේශයේ මුතු කිමිදීම සඳහා තූත්තුකුඩියේ පරවර මිනිසුන් මන්නාරම, අරිප්පුව, හලාවත වැනි ප්‍රදේශවලට පැමිණියහ. ඔවුන් අතරින් සමහර දෙනකු ද ආපසු තම මවු රටට නොගොස් එම ප්‍රදේශවලම බින්න බැස්සහ. අද ඒ ප්‍රදේශවල ජීවත්වන සමහර දෙනකු ද ඒ ආදිතම පරවර ජනතාවගෙන් පැවත එන්නෝ වෙති.
පරවර ජාතිකයින් ශ්‍රී ලංකාවට පැමිණීමට තවත් ප්‍රධාන හේතුවක් වූයේ අප කලින් ද කී පරිදි තූත්තුකුඩිය හා ශ්‍රී ලංකාව අතර තිබූ කරවල වෙළෙඳාමය. වසර හැත්තෑවකට අසූවකට එහා අතීතයේ සිංහල මිනිසුන් බත් වේලට මස් මාළු එකතු වූයේ කලාතුරකිනි. නමුත් කරවල කැබැල්ලක් ඔවුන්ගේ බත් පතට ආගන්තුක කෑමක් නොවීය. එනිසා හොඳ කරවල වෙළෙඳාමක් එකල ශ්‍රී ලංකාවේ විය.
එකල මෙරටට අවශ්‍ය කරවල වැඩිපුර ගෙන්වූයේ තූත්තුකුඩියෙනි. තූත්තුකුඩියට සමීප ඉන්දියන් සාගරයේ පිහිටි ලක්ෂ්ද්ව් දූපත් සමූහය සම්පූර්ණයෙන් කරවල නිෂ්පාදනය කරන ස්ථාන විය. ඒවායේ කරවල ද යැවුණේ තූත්තුකුඩියටය.
ඉංග්‍රීසි යුගයේ පටන් ලංකාවේ කරවල වෙළෙඳාමේ මෙහෙයුම සිදුවූයේ කොළඹ බංගසාල වීදියේය. එම කරවල වෙළෙඳාමේ ඒකාධිකාරිය හිමිව තිබුණේ ද පරවර ජනතාවටය. එලෙස කරවල ව්‍යාපාරිකයන් වශයෙන් පැමිණි පරවර ජනතාවගෙන් කොටසක් ද ආපසු ඉන්දියාවට නොගොස් ශ්‍රී ලංකාවේම පදිංචි වූහ.
අද ක්‍රියාත්මක නොවූවත් එකල මීගමුව, හලාවත, කල්පිටිය, මන්නාරම යන ප්‍රදේශවල විදේශීය කුඩා නෞකාවන් යන එන වරාය විය. එම වරායන්හි ආනයනික බදු අය කිරීම සඳහා රේගුව ද එම ස්ථානවල ක්‍රියාත්මක විය. තූත්තුකුඩිය වරායෙන් කරවල සහ වෙනත් කුළුබඩු රැගෙන ආ සමුද්‍ර යාත්‍රාවල සේවය කළ සමහර පරවර පුද්ගලයන් ද ශ්‍රී ලංකාවේ කාන්තාවන් හා විවාහ වූහ. එම නිසා ඔවුන්ගෙන් පැවත එන පරවර ජනතාවක් ද මීගමුව, හලාවත, කල්පිටිය, මන්නාරම වැනි ප්‍රදේශවල ජීවත් වෙති.
එම පරවර ජනතාවගෙන් පැවත එන්නන් දැන් ශ්‍රී ලංකාවේ දැන් හඳුන්වන්නේ ශ්‍රී ලංකා භාරතයනුවෙනි. ඔවුන් අතරින් ජෝන් රුද්‍රිගු, ජෝර්ජ් ආර්. මෝතා අපේ පාර්ලිමේන්තුව ද නියෝජනය කර ඇත.නීතිඥ ජේ. විල්සන් ප්‍රනාන්දු, සෙල්වම් කෲස් මොරායස්, ජුවාන් ඩි කෲස්, ක්ලැරන්ස් ඩි කෲස්, ලාසරුස් දබරේරා පරවර ජාතිකයන් අතර කියැවෙන කීර්තිමත් නාමයන්ය.ඈත අතීතයේ හින්දු භක්තිකයන් වශයෙන් සිටි තූත්තුකුඩියේ පරවර ජනතාව කතෝලික භක්තිකයින් බවට පත්වූයේ 1538 දීය. ඒ පේදුරු ගොන්සාල්වේස් නමැති කතෝලික පියතුමකු විසින් එම පරවර පිරිස බෞතීස්ම කිරීමෙනි.

මේ ටික කියන්නේ මේ පරවර ජනතාව අපහසුතාවට පත් කරන්න නම් නොවෙයි හොදේ.මුලදි ඔවුනට කුලයක් තිබුණෙ නැ (ගොවිගම ,වහුම්පුර, බත්ගම, කරාව, දුරාව, හාලි, නැකැති. රජක, කුඹල්, විශ්වකුල වගේ).පරවර ජනතාවද ධීවර කර්මාන්තයේ නිරත වෙන ගමන් සමහර වාරකන් කල වලදි තම අත මිට මුදල් නැති වෙනවා.මේ නිසා ඔවුන්  ගනුදෙනු කරන්නේ කතොලික ධීවර ජනතාව සමග.මුල් කාලයේ පරවර ජනතාව හින්දු භක්තිකයන්. පසුව තමයි ඔවුන් කතොලික ආගම වැලද ගත්තේ.එවකට සම්ප්‍රදායික කතොලික ධීවර ජනතාව කැමැත්තක් දක්වන්නේ නැ ඔවුන්ට.එනිසා ඔවුන් සමග ගැටීම් නිරන්තරයෙන් ඇති වෙනවා.සමහර වෙලාවට කතොලික පුජක තුමා ලාටද මේ ගැටුම් විසදිමට ද සිදුවෙනවා.ඔවුනට කතොලික පල්ලි තුලට වැද්ද ගැනීම සිමා සහිත කරලා තියෙන්නේ. මේ නිසා ඔවුන කුඩා දෙවස්ථාන සදා ගෙන එවායේ තම ආගමික කටයුතු සිදු කරගෙන තිබෙනවා.මේ අතර එක්තරා කලයකදි පල්ලියේ දෙවස්ථානයක සුරුවමකට දමා තිබු රත්තරං මාල නැතිවෙනවා.මේ නිසා වැඩි දෙනෙක් සැක කරන්නේ මෙම පරවර ජනතාව එම රත්තරං මාල සොරකම් කර ඇති බවයි.මේ නිසා පල්ලියට එකතු වෙන සම්ප්‍රදායික කතොලික ජනතාව දැඩි වීරොධයක් එල්ල කරනවා පරවර ජනතාව වෙත.මේනිසා ඔවුන් එම ගමේන් එලවා දමන්නෙ “පල හොරු“ පල හොරු‘ ලෙසයි.පසුව ඔවුන් ලංකාවේ විවිධ ප්‍රදේශ වල පදිංචි වෙනවා.මේ නිසා පසු කාලයෙක ඔවුන් කතොලික ජනතාව සමග මිශ්‍ර විමෙන් ඔවුන් ‘පරහොරු‘ කියන නාමය ‘පරවර‘ ලෙස වෙනස් කර ගන්නවා.මීගමුවේ එත්තුකාල ප්‍රදේශයේද  ඔවුන්ගෙන් පැවත එන ජනතාවද පදිංචි වෙල ඉන්නවා.සෑම ආගොස්තු මාසයේ ඔවුන්ගේ කුඩා පල්ලියේ (එත්තුකාල මහා පල්ලියේ නොවෙයි) දානයක් දෙනවා.මේ දානය සෑම පරවර ජනතාව ජිවත් වෙන නිවසේ සාදා ඉන් කොටසක් පල්ලිය වෙත රැගෙන එනවා .එවා එහි පැමිණ සිටින සිගමන් යදින හා අන්ත දුප්පත් අයට බෙදා දෙනවා.මගෙත් ඉන්නවා මීගමුව එත්තුකාල ප්‍රදේශයේ පරවර අයගෙන් පැවත එන යළුවෙක්.මමත් යනවා මගේ යාළුවගේ ගෙදරට. අපි එක පාසැලේ ඉගෙන ගත්තේ.මෙම දානයේ විශෙෂිත දෙ තමයි සැම ගෙදරක මත්පැන් (නිත්‍යනුකුල) නොමැති විම. නමුත් පල්ලියේ බෙදන දානය සමග නිත්‍යනුකුල නොවන මත්පැන් පුංචි සිලි බැග් එකක දාමා එම දානය සමග බෙදා දෙනවා.එවාගේම නිවස් වලට පිටින් පැමිණෙන අයට (අපි වගේ යළුවන්ට) මෙම නිත්‍යනුකුල නොවන මත්පැන් ලබා දෙනවා.එක ඔවුනගේ සම්ප්‍රදායක්.නමුත් මම එ සැම අවස්ථාවකම එම මත්පැන් ප්‍රතික්ෂෙප කර කෑම ටික කා ගෙදර එනවා..............

2 comments:

  1. ඔයා බබා උපාසකයා කසිප්පු නොබී බත් විතරක් කනවා අනේ නිකම් යනවා හලෝ යන්න.

    ReplyDelete
  2. කසිප්පු සිගරට් නැත.නිත්‍යානුකුල බියර් මත්පැන් පමණයි.........................

    ReplyDelete