Saturday, July 18, 2015

මීගමුව මුන්නක්කරය


සිංහල දෙමළ එකට කථා කරන අය ඉන්නා මීගමුව  මුන්නක්කරය

සිංහල වචන මාලාවට ඉංග්‍රීසි වචන මීශ්‍ර කර කතා කිරීමේ කලාව ප්‍රචලිත වුයේ වර්තමානයේ ඇතැම් විද්‍යුත් මාධ්‍යවල නිවේදන කටයුතු නිසාය.එත්  සමහර සිංහලයන් ඉංග්‍රීසි වචන මිශ්‍ර කර සිංහල කථා කරන අකාරයටම එදා සිංහලයෝ දෙමළ වචන මීශ්‍ර කර කථා කිරීමෙන් තම උසස් තත්ත්වය පෙන්නුම් කලා.උම්මග්ග ජාතකය වැනි කෘති වල දෙමළ ඌරුවට ලියැවුණු වචනද අපට හමුවෙනවා.මෙම තත්ත්වය කෙමෙන කෙමෙන් අභාවට ගොස් ඉංග්‍රීසි ඉස්මතු වුවත් දෙමළ කතා කරන සිංහලයන් ජිවත්වන ගම් තවම තියෙනවා.මීගමුව නගරයට නුදුරින් පිහිටි මුනනක්කරය එවැනි ගමකි.

මුන්නක්කරය සිතියම
මීගමුව කලපුවෙන් වට වු දුපතක් ලෙස කොතලාවල පාලම හා මීගමුව නගරය වෙන්වෙන්නෙ මෙතැනනි.ධීවර කර්මාන්තය මුල කොට ගත් එදා මුන්නක්කරය ගම්වාසීන්ගේ දොරින් දොර ඇසුනෙ දෙමිළ බසින් වු කතාබහය.එදා තරුණයන්ගේ මුවග රැදුනේ ජනප්‍රීය දෙමළ ගීතය.ආච්චිලි සීයලා තම මුණපුරු මිණිපිරියන්ගේ ළමා ලොකය රසවත් කිරීමට තෝරා ගත්තේ දෙමළ කතාන්දරය.මීට දශක 4 කට 5 කට ඉහතදි දරුදැරියන් ,,, වෙනුවට ඉගෙන ගත්තේ ආනා,ආවන්නා සහිත දෙමළ හොඩි පොත්ය.සිප් සතර හැදෑරුවේ මුන්නක්කරයේ පිහිටි එකම පාසල වු සාන්ත නිකුලා දමිළ පාසලටය.ඒ කාලයේ මුන්නක්කරය ගෙවල් වැට මයිමේ දෙපසට වී මුළු පළාතම දෙවනත් වෙන්න ඇතැම් ගැහැනුන් දෙමළ නොසරුප් වදනින් බැණගැනීම සුලභ දසුනක් විය.එහෙත් ඔවුන් මුන්නක්කරය කතොලික පල්ලියේ දමිළ බසින් පැවැත්වු දේව මෙහෙයට සහභාගි වුයේ සිතේ තිබු තරහ මරහ අමතක කර දමාය.එහෙත් මෙහි ඇති අපුර්වත්වය වන්නේ මුන්නක්කරය සිංහල ගමක් විමය.

ලංකා ඉතිහාසයේ සදහන් වෙනවා වංකනාසික රජුගේ කාලයේදි ද්‍රවිඩ අක්‍රමණිකයින් සිංහලයන් 12,000 දකුණු ඉන්දියාවට ගෙන ගිය බව.පසුව ගජබා රජු ඒ අයව ආපසු ලංකාවට රැගෙන ආවා.එ විදියට රැගෙන ආ පිරිස මීගමුවේ ස්ථාන තුනක පදිංචි කරවු බව අතීත තොරතුරු වල කියවෙනවා.

එ අය සුරිය වංශයෙන් පැවැත එන බවයි සදහන් වන්නේ.මීගමුව මුන්නක්කරයේ පදිංචි කරවු අය කුරුකුලසූරිය වුනා.වැල්ල වීදියේ පදිංචි කරවූ අය වර්ණකුලසූරිය වුණා.දූව ප්‍රදේශයේ අය මිහිදුකුලසුරිය වුණා.ඇත්තටම මේ අය අපේ රටෙන් ගිය සිංහල අය.ඒත් දකුණු ඉංදියාවේ දෙමළ ආභාෂය නිසා දෙමළ භාෂාව කතා කරන්න පුරුදු වෙලා තිබුණා.එ අයගෙන් පැවැත එන පරම්පරාවෙන් දිගටම දෙමළ කතා කරන පිරිස ඉතිරි වුණේ මුන්නක්කරයේ විතරයි.දෙමළ ආභාෂය ලැබු මුනනක්කරයේ පදිංචි කුරුකුලසූරිය පරම්පරාවේන් පැවතෙන සිංහලයෝ සිංහලකම අමතක කර දැමු නිසාම ඔවුහු දෙමළ භාෂාවෙන් කතාබහ කරන සිංහල පිරිසක් බවට පත්වුණා.

පෘතුගීසී,ලංදේසි සහ ඉංග්‍රීසින්ගේ යටත් විජිත සමයේ ප්‍රනාන්දු වැනි වසගම් ඔවුන්ගේ නමේ කෙළවරට එකතු වුවද ඔවුන කතොලිකයන් වුවද සිංහලයන් බවට තහවුරු එකම සාක්ෂිය වූයේ පෙළපත් නාමය වු කුරුකුලසුරියයි.දමිළ බසින් දේව මෙහෙය පවත්වන කතෝලික පල්ලියක් සහ කතෝලික සභාවෙන් පාලනය වු දෙමළ පාසලක්ද මුන්නක්කරයට උරුම වූයේ කුරුකුලසුරියලාගේ ජිවිතය හා බද්ධ වුන දෙමළ භාෂාව නිසාය.මුනනක්කරය පල්ලියේ පුජාව දෙමළ භාෂාවෙන් පැවැත්වීම අදටත් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා.මෑතකදී පල්ලියට පත් වෙලා අපු පුජකතුමාට දෙමළ භාෂාව නොදන්න කෙනෙක්.එ පියතුමාට පුළුවන් ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් විතරයි පුජාව පවත්වන්න පුළුවන්.එත් මුනනක්කරය ගම් වාසින්ට දෙමළ භාෂාවේන් පුජාව අනිවාර්යයෙන් ඕනෑ කියලා පිරිසක් රදගුරුතුමාව හමුවෙන්න ගියා.දැන් වෙනත් මීසමක් පියතුමන් කෙනෙක් සතියකට වරක් ඇවිත් දෙමළ පුජාව පවත්වනවා.

කලපුව අයිනෙ දිගෙ ගොස් මංකුලිය සිංහල පාසැලට යෑවිමට එදා දෙමව්පියො බියක් දැක්වුවා.මෙ නිසා මුනන්කරය ගමේ පිහිටි දෙමළ පාසැලට තමයි ළමයි ඉගෙන ගැනිමට ඇතුලත් කරලා තියෙන්නේ.ගැණු ලමයි මුන්නක්කරය දෙමළ පාසැලටත් පිරිමි ළමුන් සෙන්ට් මේරිස් කොලිජියටත් ඇතුළු කලා.

මුන්නක්කරය ගම් වාසීන් අයත් වන්නේ කරාව කුලයට.මංකුලිය ගම්වාසීන් අයත් වන්නේ දුරාව කුලයට.දුරාවේ කුලයට අයත් ගමේ පාසලට සිය දරුවන්ව යැවීමට ඇති අකමැත්ත නිසාම කරාව කුලයට අවත් ගම්වැසියන් දරුවන්ව මන්කුලියේ සිංහල පාසලට ඇතුළත් කළේ නෑ.ඒ අනුව කුලභේදය නොතැකු පවුල්වල දරුවන්ව මන්කුලියේ සිංහල පාසලට යවද්දී ජාතිභේදය නොතැකූ පවුල්වල දරුවෝ මුනනක්කරය දමිළ පාසලෙන අධ්‍යාපනය ලැබුවා.දමිළ පාසලේ සිංහල අංශය අරම්භ කිරීමෙන් පසු දමිළ අංශය ඉබේ වැසි ගියා.ඉන් පසු එය සාන්ත නිකුලා සිංහල මිශ්‍ර විදුහල නමින් වර්තමානයේ එය ලමුන් 1000 පමණ ඉගෙන ගන්නා පාසලක් වුනා.

ලයනල් සරත් මහතාගේ පැරණ ලක්දිව සිංහල දෙමළ සබදතායන කෘතියේ ක්‍රි.ව. 5 වැනි 6 වැනි සියවස් තුළ පටන් උතුරු ප්‍රදේශයෙන් බැහැරව පදිංචි වු දෙමළ ජනතාව සිංහල බහුතරය් බලපෑමෙන් සිංහල ජාතික චින්තනය තුළ ගිලී ගොස් සිංහලයන් වු ආකාරයත් උතුරු ආක්‍රමණ හේතුවෙන් උතුරු ප්‍රදේශ වලට පළා ගිය සිංහලයන් දෙමළ ජනතාවගේ චින්තනය තුළ ගිලී ගොස් දෙමණ ජාතිකයන් වු ආකාරයත් සදහන් වී තබේ.මේ ආකාරයට මුනනක්කරයේ විසු ප්‍රජාව සිංහලයන වු බව අපට සිතිය හැකිය.

Sunday, July 5, 2015

බඩු නිසා ප්‍රසිද්ධ වුන ලංකාවේ ගම්

බඩු නිසා ප්‍රසිද්ධ වුන ලංකාවේ ගම්

මතෘකාව ටිකක් අමුතුයි නෙද?මං ගොඩක් හිතුවා මෙකට හරි යන මතෘකාවක් එත් මට මෙකම තමයි හරි ගියේ.ඔයාලට තෙරෙයි පහල වැකි ටික දැක්කම.මම දන්න ටික තමා ඔය.ඔයාලත් දන්නවානම් කොමන්ට් කරන්න හොදේ.අපි අහලා තියෙනවා චන්ද්‍රෙස්න හෙට්ටිආර්ච්චි මහත්තයා ගයනා කරන ‘නාවල අන්නාසි කොට්ටේ දොඩම් රස යසට කෑමටා“ එ අපෙ රටේ ගම් ප්‍රසිද්ධ වෙලා තියෙන දෙවල් වලින් තමයි එ ගීතය හැදිලා තියෙන්නේ.ඉතිං බලන්නකො ඔයලගේ ගමත් මේ වගේ ප්‍රසිද්ධයිද කියලා.

මීගමුවේ - අළුවා                        අරාබි - අස්සයො                    බදුලු  -සරොම්
සියම් - සීනි                                ඉන්දියන් -රබර්                      අගුල්මඩුවේ - මෙවර වැඩ
ජා - සරොම්                               කුංදිරා - පොල්                       ගාල්ලේ - නැමිපනා
බතාවි - හාල්                              රැංගුං - තෙක්ක                          මොරටුවේ - වඩු වැඩ
කොට්ටේ දොඩම්                       කැලිකට් - කොලි කුට්ටු          යාපනේ - සුරුට්ටු
කළුතර - ඉදිකොළ වැඩ             කෙප්ප - හරක්                        මන්නාරමේ - කරවල
කැන්නන් - තොරු රෙදි              වලවේ  -කිරි පැණි                  කල්පිටි - කොප්පරා
මුස්ලිම් - රෙදි                             බෙන්තොට - කවාඩි               මල්වානේ - පැණි රඔුටන්
චීන - පටස්                                 පුත්තලමේ - ලුණු                   නාවල - අන්නාසි
බුරුම - කුඩ                                කොළඔ - බුලත්                     ගල්කිස්සේ - සින්නාක්කු
කටුවන - කිතුල් පැණි
       
    
  


Saturday, July 4, 2015

අවසන් මහා සාන්තුවරයා ශු.පියෝ මුනිතුමා


අවසන් මහා සාන්තුවරයා ශු.පියෝ මුනිතුමා  

1887 මැයි මස 25 වන දින ඉතාලියේ උතුරු නාපොලි නගරයේ පියත්‍රෙල්විනා ගමේදී දුප්පත් ගොවියෙක් වු ගර්සියො මරියෝ ෆොගොයිනෝ (Grazio Mario Forgione) හා චාම් ගෘහණියක් වු මාරියා ගියුසේප්පා නුනසියෝ (Maria Giuseppa Di Nunzio Forgione) දාව  උපත ලැබුවා. මේ තුමාගේ මුල් නම තමයි ෆැන්සෙස්කො ෆොගොයිනේ (Francesco Forgione) තම පියාගේ අත්දැකීමකට අනුව පැවදි ජිවිතයක් ගත කිරීමට පියෝ සිත් ගත්තා.ඔහු අවුරුදු 16 ප්‍රැන්සිස්කන් නිකායට අතලු වී 1909 දි පූජකවරය ලැබිය.පුජකවරයෙන් වසරකට පසු තම දෑත් වල ගැඹුරු වේදනාවක් ඔහුට ඇතිවුනා.



පියෝ පියතුමා ගේ අත්ලෙන් රුධිරය ගලන අයුරු
1918 සැප්තැම්බර් 20 දින ඔහු තමා ශ්‍රී වණ කැලැල් (ජේසු තුමාන් කුරුසියේ ඇණ ගැසිමේන් සිදු වු අත්වල හා කකුල් මත සිදු වු ශ්‍රී වණ කලැල් මෙන්) ලැබී ඇති අත් හා පා වලින් ලේ ගලන දර්ශනයක් දකින ලදි.එ දර්ශනය පරිදි එසේ ලේ ගැලීමක් වසර 50 කාලයක් සිදු වුනා.කපචින්(capuchin) ප්‍රැන්සිස්කන්වරු මෙය අනාවරණය කල පසු මාධ්‍ය තුළින් ලෝකයාට දැනගන්නට ලැබුනා.මේ අතරතුර එතුමා ජිවත් වු දකුණු ඉතාලියේ ෆොජ්ජියා හි සාන්ත ජොවන්ති රොතොනදො නගරයට එතුමාගේ පුජාව සදහා දස දහස් ගණන් සෙනග ඇදුනා.මේ නිසා වතිකානුව මේ සම්බන්ධව පරික්ෂනයක් අරම්භ කලාට පස්සේ ජ්‍යෙෂ්ඨ පියවරු එතුමාට ප්‍රසිද්ධියේ පුජාව තැබීම තහනම් කලා.

මේ සිද්ධියෙන් පස්සේ එම නුවර නගරාධිපති ඇතුලු ජනයා ඊට තදබල ලෙස විරෝධය පෑම නිසා නැවතත් එතුමාට පුජාව තැබීමට අවසර දුන්නා.

පියෝ පියතුමා
1925 දි පියෝ පියතුමා විසින් කුඩා රෝහලක් විවෘත කර වේදනාවෙන් මිදුන අය සදහා ගෘහයක් ආරම්භ කලා.අයෙත් 1931 දි වතිකානුව විසින් පියෝ පියතුමා හට පාපොච්චාරණය ඇසිම හා ප්‍රසිද්ධියේ පුජාව තැබීම වසර 03 කට තහනම් කලා.එ පියෝ පියතුමාගේ නිවසට ස්ත්‍රීන් පැමිනේන්නේ යැයි නිර්නාමික ලිපි ලැබීම හේතුකොට ගෙනයි.නමුත් පසුව මේ සියල්ල අසත්‍ය බව තහවුරු වුනා.

පියේ පියතුමා ප්‍රසිද්ධ පාපොච්චාරණ අසන්නෙකු විය.වර්ෂ 1947 දි කැරොල් වෙයිටෙල්ලා පියතුමාව එ කියන්නේ 2 වන ජුවාම් පාවුලු පාප් තුමාව ද පියෝ පියතුමා ලගට පාපොච්චාරණය කරන්න ගෙන ගිය විට එතුමා පාප් තුමේකු වන බව පියෝ පියතුමා කී බව පසුව සදහන් කලා.වර්ෂ 1968 සැප්තැම්බර් 20 දින ශ්‍රී වණ කැලැල් ලැබීමේ රන් ජුබිලිය සැමරුමට මහා ජනකායක් පැමිණ සිටිය.පසුව දින 03 කට පසු එනම් 1968 සැප්තැම්බර් 23 දින උදැසන පුජාව   අතර තුර වණ කැලැල් හා තුවාල සුව වුනා.එදිනම මැදියම් රැ එතුමා ස්වර්ගස්ථ විය.

ශු.පියෝ පියතුමා ඉතාලියේ තුළ වඩාත් ප්‍රසිද්ධ සාන්තුවරයෙකි.ඉතාලියේ සෑම නගරයක් හා නිවසක් තුළ පියෝ පියතුමාගේ ප්‍රතිමා දක්නට ලැබේ.මෙතුමා හට මේ තරම් ආදරය කරන ජනතාවක් ඉතාලිය තුළ වන්නේ මෑතක් වන තුරු පියෝ පියතුමා ජීවතුන් අතර සිටි නිසායි.ඔහුගෙන් අශිර්වාද ලැබුවො බොහෝදෙනෙක් ඉතාලියේ අදටත්  ජිවත් වෙනවා.එ අතරින් බොහෝමයක් වයස් ගත පුද්ග‍ලයෝ.ශ්‍රී ලංකවේ අතුරුගිරිය ප්‍රදේශයේ පියෝ මුනිතුමාට කැප කල දේවස්ථානයක් තියෙනවා.
ශු.පියෝ මුනිතුමාගේ ශ්‍රී ශරීරය

ශු.පියෝ මුනිතුමාගේ සිරුර දිරා ඇතත් වණ කැලැල් වු අත් එසේම පවතිනවා.සන් ජොවන්හි රොතොන්දෝ හී දේවස්ථානයේ පියෝ මුනිතුමාගේ සිරුර තිබෙන අතර එහා සමහර කොටස් නොදිරා පවති.නමුත් මුහුණ නැවතත් නිර්මාණය කර තිබේ