සිංහල දෙමළ එකට කථා කරන අය ඉන්නා මීගමුව මුන්නක්කරය
සිංහල වචන මාලාවට ඉංග්‍රීසි වචන මීශ්‍ර
කර කතා කිරීමේ කලාව ප්‍රචලිත වුයේ වර්තමානයේ ඇතැම් විද්‍යුත් මාධ්‍යවල නිවේදන
කටයුතු නිසාය.එත් සමහර සිංහලයන් ඉංග්‍රීසි
වචන මිශ්‍ර කර සිංහල කථා කරන අකාරයටම එදා සිංහලයෝ දෙමළ වචන මීශ්‍ර කර කථා
කිරීමෙන් තම උසස් තත්ත්වය පෙන්නුම් කලා.උම්මග්ග ජාතකය වැනි කෘති වල දෙමළ ඌරුවට
ලියැවුණු වචනද අපට හමුවෙනවා.මෙම තත්ත්වය කෙමෙන කෙමෙන් අභාවට ගොස් ඉංග්‍රීසි ඉස්මතු
වුවත් දෙමළ කතා කරන සිංහලයන් ජිවත්වන ගම් තවම තියෙනවා.මීගමුව නගරයට නුදුරින්
පිහිටි මුනනක්කරය එවැනි ගමකි.
![]() |
මුන්නක්කරය සිතියම |
ලංකා ඉතිහාසයේ සදහන් වෙනවා වංකනාසික
රජුගේ කාලයේදි ද්‍රවිඩ අක්‍රමණිකයින් සිංහලයන් 12,000 දකුණු ඉන්දියාවට ගෙන ගිය බව.පසුව ගජබා රජු ඒ අයව ආපසු ලංකාවට රැගෙන
ආවා.එ විදියට රැගෙන ආ පිරිස මීගමුවේ ස්ථාන තුනක පදිංචි කරවු බව අතීත තොරතුරු වල
කියවෙනවා.
එ අය සුරිය වංශයෙන් පැවැත එන
බවයි සදහන් වන්නේ.මීගමුව මුන්නක්කරයේ පදිංචි කරවු අය කුරුකුලසූරිය වුනා.වැල්ල
වීදියේ පදිංචි කරවූ අය වර්ණකුලසූරිය වුණා.දූව ප්‍රදේශයේ අය මිහිදුකුලසුරිය
වුණා.ඇත්තටම මේ අය අපේ රටෙන් ගිය සිංහල අය.ඒත් දකුණු ඉංදියාවේ දෙමළ ආභාෂය නිසා
දෙමළ භාෂාව කතා කරන්න පුරුදු වෙලා තිබුණා.එ අයගෙන් පැවැත එන පරම්පරාවෙන් දිගටම
දෙමළ කතා කරන පිරිස ඉතිරි වුණේ මුන්නක්කරයේ විතරයි.දෙමළ ආභාෂය ලැබු මුනනක්කරයේ
පදිංචි කුරුකුලසූරිය පරම්පරාවේන් පැවතෙන සිංහලයෝ සිංහලකම අමතක කර දැමු නිසාම ඔවුහු
දෙමළ භාෂාවෙන් කතාබහ කරන සිංහල පිරිසක් බවට පත්වුණා.
පෘතුගීසී,ලංදේසි සහ ඉංග්රීසින්ගේ යටත් විජිත සමයේ ප්‍රනාන්දු වැනි වසගම්
ඔවුන්ගේ නමේ කෙළවරට එකතු වුවද ඔවුන කතොලිකයන් වුවද සිංහලයන් බවට තහවුරු එකම
සාක්ෂිය වූයේ පෙළපත් නාමය වු කුරුකුලසුරියයි.දමිළ බසින් දේව මෙහෙය පවත්වන කතෝලික
පල්ලියක් සහ කතෝලික සභාවෙන් පාලනය වු දෙමළ පාසලක්ද මුන්නක්කරයට උරුම වූයේ
කුරුකුලසුරියලාගේ ජිවිතය හා බද්ධ වුන දෙමළ භාෂාව නිසාය.මුනනක්කරය පල්ලියේ පුජාව
දෙමළ භාෂාවෙන් පැවැත්වීම අදටත් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා.මෑතකදී පල්ලියට පත් වෙලා
අපු පුජකතුමාට දෙමළ භාෂාව නොදන්න කෙනෙක්.එ පියතුමාට පුළුවන් ඉංග්‍රීසියෙන් හා
සිංහලෙන් විතරයි පුජාව පවත්වන්න පුළුවන්.එත් මුනනක්කරය ගම් වාසින්ට දෙමළ භාෂාවේන්
පුජාව අනිවාර්යයෙන් ඕනෑ කියලා පිරිසක් රදගුරුතුමාව හමුවෙන්න ගියා.දැන් වෙනත්
මීසමක් පියතුමන් කෙනෙක් සතියකට වරක් ඇවිත් දෙමළ පුජාව පවත්වනවා.
කලපුව අයිනෙ දිගෙ ගොස් මංකුලිය සිංහල
පාසැලට යෑවිමට එදා දෙමව්පියො බියක් දැක්වුවා.මෙ නිසා මුනන්කරය ගමේ පිහිටි දෙමළ
පාසැලට තමයි ළමයි ඉගෙන ගැනිමට ඇතුලත් කරලා තියෙන්නේ.ගැණු ලමයි මුන්නක්කරය දෙමළ
පාසැලටත් පිරිමි ළමුන් සෙන්ට් මේරිස් කොලිජියටත් ඇතුළු කලා.
මුන්නක්කරය ගම් වාසීන් අයත් වන්නේ කරාව
කුලයට.මංකුලිය ගම්වාසීන් අයත් වන්නේ දුරාව කුලයට.දුරාවේ කුලයට අයත් ගමේ පාසලට සිය
දරුවන්ව යැවීමට ඇති අකමැත්ත නිසාම කරාව කුලයට අවත් ගම්වැසියන් දරුවන්ව මන්කුලියේ
සිංහල පාසලට ඇතුළත් කළේ නෑ.ඒ අනුව කුලභේදය නොතැකු පවුල්වල දරුවන්ව මන්කුලියේ සිංහල
පාසලට යවද්දී ජාතිභේදය නොතැකූ පවුල්වල දරුවෝ මුනනක්කරය දමිළ පාසලෙන අධ්‍යාපනය
ලැබුවා.දමිළ පාසලේ සිංහල අංශය අරම්භ කිරීමෙන් පසු දමිළ අංශය ඉබේ වැසි ගියා.ඉන් පසු
එය සාන්ත නිකුලා සිංහල මිශ්‍ර විදුහල නමින් වර්තමානයේ එය ලමුන් 1000 පමණ ඉගෙන ගන්නා පාසලක් වුනා.
ලයනල් සරත් මහතාගේ “පැරණ ලක්දිව සිංහල දෙමළ සබදතා“ යන කෘතියේ ක්‍රි.ව. 5 වැනි 6 වැනි සියවස් තුළ පටන් උතුරු ප්‍රදේශයෙන්
බැහැරව පදිංචි වු දෙමළ ජනතාව සිංහල බහුතරය් බලපෑමෙන් සිංහල ජාතික චින්තනය තුළ ගිලී
ගොස් සිංහලයන් වු ආකාරයත් උතුරු ආක්‍රමණ හේතුවෙන් උතුරු ප්‍රදේශ වලට පළා ගිය
සිංහලයන් දෙමළ ජනතාවගේ චින්තනය තුළ ගිලී ගොස් දෙමණ ජාතිකයන් වු ආකාරයත් සදහන් වී
තබේ.මේ ආකාරයට මුනනක්කරයේ විසු ප්‍රජාව සිංහලයන වු බව අපට සිතිය හැකිය.