මීගමුව අගුරුකාරමුල්ලේ මහ පන්සල
හෙවත් බෝධිරාජාරාමය
මීගමුව යන නමත් එක්ක අපගේ මනසට නිතැතින්ම නැගෙන්නේ ධීවර කර්මාන්තය හා
ක්‍රිස්තියානි දහමයි. මීගමුවෙ බහුතරය පිරිසක් අදහන ආගම ලෙසත් ක්‍රිස්තියානි ආගම
අපට හැදින්විය හැකිය.මේ සියළු කාරණා සමග මීගමුවේ එක් විශෙෂිත ස්ථානයක් අපට දක්නට
ලැබෙනවා.එය නම් අගුරුකාරමුල්ල බෝධිරාජාරාමයයි.නැතිනම් අගුරුකාරමුල්ල මහ
පන්සලයි.විශ්මිත නිර්මාණාත්මක වාස්තු විද්‍යාත්මක තාක්ෂණයෙන් සහ දුටුවන්ගේ සිත් ඇද
බැද ගන්නා අලංකාර සිතුවම් ,මුර්ති සහ කැටයම් කලාවෙන් යුත් මෙම ස්ථානය මීගමු පුරවරයේ
නාමය දෙස් විදේස් රැදවිමට සමත් වුවකි.
මෙම අගුරුකාරමුල්ල බෝධිරාජාරාම
විහාරය මුලින්ම ඉදිකර තියෙන්නේ වත්මන් විහර භුමියට මදක් මෑතක පිහිටා ඇති බිම්
කඩකයි.වර්තමානයේ ‘පන්සල්වත්ත‘නමින් හදුන්වනු ලැබුවත් මුලින් හදුන්වනු ලැබුවේ
‘කජුගහවත්ත‘ නමිනි.අකුරළ මහතෙරුන් සහ සිංහලේ මහතෙරුන් යන භික්ෂුන වහන්සේ දෙනම මෙහි
පළමුවෙන්ම වැඩ විසු බව පැවසුණද ඉන් වැඩි තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වි ඇත.
අක්කර 01 රූඩ් 01 සහිත මෙම ඉඩම මානම් පීරිස් ද සිල්වා නොතාරිවරයා විසින් 1868 අප්‍රේල්
මස 08 වැනි දින අංක 16540 දරන පුජා ඔප්පුවෙන් කිරිමැටියානේ සුධම්මවංශාධිපති රේවත
අනුනාහිමියන්ගේ ශිෂ්‍යානු පරම්පරාව වෙත පවරා දී තබෙනවා.කුඩා බිම් කඩක් වු මෙම ඉඩම
පසුව පුන්දිරන් සයිමොන් ද සිල්වා මුහම්දිරම් මැතිතුමා විසින් වරතමාන භුමිභාගය මෙම
විහරස්ථානය සදහා පුජා කර ඇත.පොල්කටු අගුරු නිෂ්පාදනය කරමින් සිටි මිනිසුන් විසු
භුමියක් නිසා එය අගුරුකාරමුල්ල නමින් එය හදුන්වන්නේ එනිසායි.පසුව එය බෝධිරාජාරාමය
යනුවෙන් නාමකරණය කලත් තවමත් එය ප්‍රසිද්ධ වි තිබේන්නේ අගුරුකාරමුල්ල යන නමින්ය.
විහාරය ඇරඹි මුල් අවදියේ එනම්
ජූජ්‍ය කෝදාගොඩ ඤාණාලංකාර හිමියන් විහාරාධිපතීත්ය දරන සමයේ මෙම විහාර
භුමිය විශාල මඩ ගොහොරුවක්.ගොඩනැගිල්ලක් තියා පයින් ඇවිදිමටවත් හැකියාවක් ලැබි
නැහැ.බුරුම දේශයෙන් වැඩම කරවන ලද කිරිගරුඩ බුද්ධ ප්‍රතිමාවක් අනුරාධපුරයේ
විහාරස්ථානයකට ගෙනයාම සදහා කොළඔ වරයේ සිට ගැල් පෙරහරකින් රැගෙන විත් තියෙනවා.ඔවුන්
ගෙ ගමන් මාර්ගය වැටි තිබෙන්නේ අගුරුකාරමුල්ල මහ පන්සල හරහායි.රැය පහන් කර තිබෙන්නේ
අගුරුකාරමුල්ල පන්සල් භුමියේ.පසුදි ගැල්කරුවන් ගමනාරම්භ කිරීමට සුදානම් වුවත් ප්‍රතිමාව
සහිත ගැල සෙලවීමට පවා නොහැකි වි තෙබෙනවා.විශාල පිරිසක් එක්ව කොතරම් වෑයම් කළද ප්‍රතිමාව
සහාත ගැල එතනින් ඉවත් කිරීමට නොහැකි වුයෙන් අපේක්ෂිත ස්ථානය වෙත බුදු පිළිම වහන්සේ
වැඩම කරවීමේ අදහස අත්හැර දමන්න සිදුවෙනවා.අවසානයේදි ඤාණාලංකාර
හිමියන්ට යම් මුදල් ප්‍රමාණයක් නාරංවිට සුමනසාර හිමියන්ට ගෙවා එම ප්‍රතිමාව තමා
වෙතම තබා ගන්න කල්පනා කොට දායක කාරකාදීන්ගේන ලද අධාර මත ප්‍රතිමාවේ අයිතිය ලබාගන්නවා.
ප්‍රතිමා මන්දිරය
මෙම අගුරුකාරමුල්ල මහා විහාර
සිතුවම් 18-19 ශතවර්ෂවල මෙ රටේ ව්‍යප්ත වු මහනුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදායත්
යුරෝපීය යථාර්ථවාදී චිත්‍ර සම්ප්‍රදායත් සම්මිශ්‍රණය වීමෙන් සකස් වු මෙම නුතන
විහාර චිත්‍ර සම්ප්‍රදාය මේ යුගයට අයත් පහතරට විහාරස්ථාන කිහිපයකම දක්නට ලැබේ.මෙම
විහාර මන්දිරය තුල මුර්තිමත් කරන ලැබුවේ කලා ශිල්පි ජයෝරිස් ගුරුන්නාන්සේ විසිනි.
මෙම ප්‍රතිමා
මන්දිරය ඉදිකිරීමට මුලික වි තිබෙන්නේ විහාරධිපති පූජ්‍ය ශ්‍රී මේධංකර තිස්ස නාහිමියන්
වහන්සේ ගේ මුලිකත්වයෙනි.එවකට මීගමු ප්‍රදේශයේ විසූ දානපතිනයක වු කැරලැයින්ද සිල්වා
නොතාරස් හාමනේගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකරනු ලැබු ප්‍රතිමා මන්දිරය දිගින් අඩි 103
ක් හා පළලින් අඩි 38 කින් යුක්ත වේ.මෙම මාලයන් හි බිත්ති,සීලිම ආදී සෑම පෘෂ්ඨයකම
අඔන ලද රූප සහ සිතුවම්වලින් යුක්ත වේ.
ධාතු මන්දිරය සහිත තෙමහල්
පුස්තකාලය
මේධංකර මහානායක හිමියන්ගේ
මුලිකත්වයෙන් නිමවනු ලැබු මෙම ධාතු මන්දිරය සහිත පුස්ථකාලය ප්‍රදේශයේ කිසිදු ගෘහ
ඉදිකිරීමකට සමාන නෙවන අයුරින් නිර්මාණය කර ඇත.ක්‍රි.ව. 1941 මාර්තු 10 වැනි දින
එවකට ශ්‍රි ලංකවේ ආණ්ඩුකාර ධුරය දැරු ශ්‍රිමත් ඇන්ඩෘ කෝල්ඩ්කොට් මැතිතුමන් විසින
විවෘත කරනු ලැබු මෙම ධාතු මන්දිරය සහිත තෙමහල් ගොඩනැගිල්ල එතුමන්ගේ සිත් දිනගත් බව
වාර්තා වෙනවා.
තෙමහල් වටදාගෙය සහිත චෛත්‍යය
ශ්‍රි ලංකාවේ කිසිදු පන්සලක දක්නට
නොලැබෙන ආකාරයේ අපූර්ව සැලසුමකින් යුක්තව
දාගැබ ඉදිකර තිබීම මෙයට ඇති තවත උදාහරණයක්.ඈත සිට යම් අයෙකු නරඔන විට ඔහුට හෝ ඇයට දක්නට
ලැබෙන්නේ පරිවාර චෛත්‍යය හතරකින් සමන්විත දාගැබක් සහති තුන්මහල්
ගොඩසැගිල්ලකි.නමුත් ප්‍රෙව්ශ දොරටුවෙන් පිවිසෙන්නෙකුට බිම්මහලත් ,දෙවැනි මහලත්
පුරාවට දකින්නට ලැබෙන්නේ මේ රටේ කිසිදු ස්ථානයක දක්නට නොලැබෙන අපුරු සිතුවම්
පෙළකි.ලංකා ඉතිහාසයේ ඉතා වැදගත් සිදුවීම් රැසක් පසුබිම් කර ගනිමින් මෙම සියලුම
චිත්‍ර නිර්මාණය කර ඇත.බිම් මහළ වෙන් ව ඇත්තේ ශ්‍රී ලංකාවේ රජකම් කල රජවරුන්ගේ සිතුවම් සහිත නාමවලියයි.
ඉතිරිය දෙවෙනි කොටසින්.......................